මඩකලපුව මන්මුණේ  උතුර ප්‍රාදේශිය ලේකම් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම්ටවඩා ඉහළින්

මඩකලපුව මන්මුණේ  උතුර ප්‍රාදේශිය ලේකම්  කොඨඨාශයේ ඇති ග්‍රාම සේවක නිළධාරින්ගේ පරිපාලන ග්‍රාම සේවක  ලෙස උසස් විම ලද ජේ ඇන්ටව් සුරේෂ්  නැමති නිළධාරියාට වැඩ භාරගැනිමට ගිය අවස්ථාවෙි එහි ප්‍රාදේශිය ලේකම් වාස්දේවන් ඒ සදහා අවස්ථාව ලබා දී නොමැත.

ඊට හේතුවී ඇත්තේ මෙම ග්‍රාම සේවා නිළධාරිවරයා මෙම ප්‍රාදේශය ලේකම්ගේ නිතිවිරෝධි ඉඩම් ජාවාරමට විරුද්දව කටයුතු  කිරිම බව වාර්තාවෙි.

කළමණාකරන සහකාර අධිශ්‍රේණ්යට අයත්  පරිපාලන ග්‍රාම නිළධාරි තනතු සදහා පැවැති තරග විභාගයෙන්  සමත් වු ඇන්ටව් සුරේෂ් මහතාව රාජ්‍ය පරිපාලන  ස්දේශ කටයුතු අමාත්‍යාංශය මගින් මන්මුණේයි උතුර ප්‍රාදේශිය ලේකම් කාරියාලයේ  පරිපාලන ග්‍රාමසේවක තනතුර සදහා පත්කර එහි වැඩ භාරගන්නා ලෙසත් ඉන්පසුව ඒබව ප්‍රාදේශිය ලේකම්වරයා හා දිස්ත්‍රික් ලේකම්වරයා සිය අමාත්‍යංශයට වාර්තාකරන ලෙස ලිඛිතව ආදළ නිළධාරින්ට දන්වා තිබියදි මෙම නිළධාරියාට වැඩ භාර ගැනිමට අවස්ථාව ලබා නොදි ඇත්තේ තමන් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයාටත් වඩා ඉහළින් සිටින බව පෙන්වමිණි.

පසුව මෙම පරිපාලන ග්‍රාම නිළධාරිවරයා සිද්ධිය මඩකළපුව දිස්ත්‍රික් ලේකම්වරියට වාර්ථා කර ඇති අතර ඇය පවසා ඇත්තේ ප්‍රාදේශිය ලේකම්වරයාට එරෙහිව අධිකරණයේ නඩුවක් ගොනුකර ඇති නිසා ඇන්ටන් සුරේෂ්ට එහි වැඩ භාරදිමට එම ලේකම්වරයා විරුද්ධවි ඇති බවයි.එම නිසා වෙනත් ප්‍රාදේශිය ලේකම්කාරයාලයක් තොරාගන්න ලෙස සුරේෂ් මහතාට දිස්ත්‍රික් ලේකම්වරිය පවසා තිබෙි.

කෙසේ වෙතත් සුරේෂ් මහතා මිට පෙර  ග්‍රාම නිළධාරි තනතුරේ සිටියදි ලේකම්වරයාගේ නිතිවිරෝධි ඉඩම් ජාවාරම්ට සහය ලබා නොදිම හේතුවෙන් ඔහු  රාජකාරියෙන් ඉවත් කර ඒ වෙුවට වෙනත් නිළධාරියෙක් පත්කර සුරේෂ් මහතා රාජකාරි කටයුතු කල කාර්යාලයට පැමිණ  එය කඩා දමා තිබෙි. පසුව  ඊට විරුද්ධව ඔහු අධිකරණයේ නඩුවක් ගොනු කර ඇත්තේ සිය රාජකාරියට බාධාකර කාර්යාලය බලහත්නාරයෙන් කඩාදැමිම  නිසාවෙණි.

මඩකළපුව ප්‍රාදේශිය ලේකම් වාසුදේවන් සිය  දේශපාලන බලය යොදා ගෙන ප්‍රදේශයේ ඇති රජයේ වටිනා ඉඩම් සිය හිතවතුන්ට අතයට මුදලට අලෙවි කරන බවට මිට පෙර අවස්ථා ගණනකදී තොරතුරු වාර්තා විය.

ඒ අනුව මඩකළපුව නගරයේ ඇති කෝටි ගණනක් වටිනා අක්කර හතකට වැඩි ඉඩම් ප්‍රමාණයක් පසුගිය දිනවල මුස්ලිම් ව්‍යාපාරිකයින්ට ලබා දී ඇති බව ප්‍රදේශවාසින්  චෝදනා කරයි.

ඔහු මඩකළපුව දිස්ත්‍රික්කයේ වසර දහයකට වැඩි ගණනක් විවිධ ප්‍රදේශිය ලේකම් කාර්යාලවල සේවය කරන කාලයේ සිට මේසේ සිය බලය උපයෝගි කර සිය හිතවතුන්ට  හා ව්‍යාපාරිකයින්ට ඉඩමි අතයට ගණුදෙනුමත ලබා දුන් බවට චෝදනා එල්ලවී ඇත.

මුලින්ම රාජකාරි කළ ආරියම්පති  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන අවදියේ එම ප්‍රදේශයේ පුද්ගලයෙකුට අයත්  ජයභූම් ඔප්පු සහිත  ඉඩමක් ප්‍රාදේශිය ලේකම් වාසුදේවන්ගේ සහෝදරයාවන ජේයදේවන්ගේ නමට  අනිතික ලෙස පවරාදී තිබෙි. ඉන්අනතුරුව වාලච්චේන ප්‍රදේශිය ලේකම් කාර්යාලයට මාරුවිමක් ලබා දුන්නද ඔහු එහිදී ද සුපුරුදු රජයේ  ඉඩම් අතයට ලබාදිම නිසා එහිදීද එල්ලවු  මහජන විරෝධය හමුවේ මඩකළපුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට මාරුවිම් ලබා දී තිබෙි. එහි සිටද ලේකම්වරයා ඇමති පිල්ලේයාන්ගේ බලය උපයෝගි කරගෙන සුපුරුදු ඉඩම් අලෙවි කිරිම සිදුකරන බව වාර්තාවෙි.

මේ සම්බන්ධයෙන්  තොරතුරු හෙළිවේයැයි බිය නිසා තොරතුරු දැනගැනිමේ කාර්යාලයේ නිළධාරින්ටද සංතෝෂම් ලබාදී තොරතුරු ලබාදිම වැලැක්විමට කටයුතු යොදා එවා ලබාදිම මාස ගණන් ප්‍රමාද කිරිමටද කටයුතු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *