ටී එන් ඒ  පක්ෂ නායකත්වයට  තුන්කොන් සටනක්

ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ නායකත්වය වෙනුවෙන් තුන්කොන් සටනක් පවතින බව ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ නියෝජිතයින් පවසති.

ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ නව නායකයා තේරීමේ මහා සභාව හෙට(21) ත්‍රිකුණාමලයේ පැවැත්වීමට නියමිතය.

ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ නව නායකත්වය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි වරුන් වන එම්.ඒ.සුමන්තිරන් මහතා,එස්.ශ්‍රිධරන් මහතා,එස්.යෝගේෂ්වරන් මහතා මෙවර පක්ෂ නායකත්වය වෙනුවෙන් තරඟ කිරීමට නාමයෝජනා භාරදි ඇති බවද පක්ෂ නියෝජිතයින් පැවසූහ.

පක්ෂ ඉතිහාසයේ පළමු වරට පක්ෂ නායකත්වය වෙනුවෙන් තිදෙනෙකු නාම යෝජනා ඉදිරිපත් කොට ඇති අතර, 1949 වසරේ ආරම්භ කළ ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය තුළින් මේ දක්වා පක්ෂ විධායක සභාවේ එකමතික කැමැත්ත මත නායකයින් තෝරාගෙන තිබිණ.

හිටපු දේශපාලඥයෙකු වන එස්.ජේ.වි.චෙල්වනායගම් මහතා විසින් ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය බිහිකළ අතර, උතුරු නැගෙනහිර දෙමළ දේශපාලන පක්ෂවලින් සැදුම්ලත් දෙමළ ජාතික සන්ධානයේ නායකත්වයද පසුගිය සමය පුරාවටම ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ නායකත්වය විසින් දරනු ලැබීය.

වර්තමානයේ සිටින පක්ෂ ජේෂ්ඨ්ඨ උපදේශක ආර්.සම්බන්ධන් මහතා හා වර්තමාන පක්ෂ නායක මාවේයි සේනාධිරාජා

 යන මහතුන්ගේ  පවතින සෞඛ්යම දුර්වල තත්වයන් මත පක්ෂය වෙනුවෙන් නව නායකත්වයක් තේරීමට පක්ෂ විධායක සභාව තීරණය කොට ඇති බව පක්ෂ නියෝජිතයින් පවසති.

ඉලංගෙයි තමිල් අරසු කච්චි අභ්යතන්තර ආරංචි මාර්ග පැවසූවේ නව පක්ෂ නායකයා තේරීම වෙනුවෙන් රහස් ජන්දයක් හෙට(21) පැවැත්වීමට නියමිත බවයි.

පක්ෂ නායකත්වය වෙනුවෙන් තුන්කොන් සටනක් පවතින බැවින් පක්ෂයේ විධායක සභාව තුළද බෙදීමක් හටගෙන ඇති අතර, කවුරුන් පක්ෂ නායකත්වය වෙනුවෙන් තේරී පත්වුවද පක්ෂය තුළ කණ්ඩායම් කිහිපයකද බෙදීමක් හටගෙන ඇති බැවින් ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ සමඟිය වෙනුවෙන් ඉදිරියේදී ගැටළු රැසක් ඇතිවිය හැකි බව පක්ෂ සාමාජිකයින් පැවසූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *