ඊශ්‍රයලයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියාවට යවන්න  මනුෂට ඩොලර් 1000 ක්

ඊශ්‍රයලයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සඳහා යවන එක්  පුද්ගලයකුගෙන් ඩොලර් දහසක් බැගින් එජාප මැතිවරණ අරමුදල වෙනුවෙන් තමාට ලබා දෙන ලෙස විදේශ රැකියා ඇමති මනුෂ නානායක්කාර මහතා විදේශ රැකියා නියෝජිතයන්  එනම් ඒජන්සි කරුවන් රැස්  කර ඔවුන් වෙත දැනුම් දී තිබේ.

ඊශ්‍රයලයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සඳහා යැවීම විදේශ රැකියා නියෝජිතයන්  හරහා සිදු කෙරේ. එසේම එහිදී මුලින්ම මැති ඇමතිවරුන්ගේ ලේඛන සඳහා මුලින්ම ප්‍රමුඛතාවය ලබා දෙන ලෙසද ඇමතිවරයා ඒජන්සිකරුවනට දැනුම්දී තිබේ,

මාසිකව රුපියල් ලක්ෂ හයහමාරක වැටුපට මෙසේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සඳහා පිරිස් යැවෙන අතර ඒ වෙනුවෙන් ඒජන්සිකරුවන්   එක පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ තිහක් බැගින් අයකරනු ලබයි.ඒ පක්ෂයේ මැතිවරණ අරමුදලට ලබා දෙන ඩොලර් දහසද සමගය.  ඩොලර් දහසක් යනු රුපියල් තුන් ලක්ෂ විසිපන්දහසක පමණ මුදලකි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අප කල සොයා බැලීම්වලදී දැන ගන්නට ලැබුනේ එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ අරමුදලට එවැනි මුදල් ලබා දීම් සිදුකර නොමැති බවය.

2 Comments

  1. You should be ashamed of for publishing such a lie. කතෘ මහත්තයාන . මේ වගේ අමූලික බොරු දැන දැන පත්තරයේ පළ කිරීම ගැන ඔබ ලජ්ජාවිය යුතුයි.

    මුලින්ම විශාල සිරස්තලයකින් කියනවා මනුශ එජාපයේ අරමුදරල ඩොලර් 1000 ගානේ ගන්නවා කියලා. ඊලග පේලි ටිකේ බොරුව ලස්සනට ගොතලා කියලා අන්තිමට දානවා එහෙම එකක් නෑ කියලා

    ඔබේ පත්තර කලාව ගැන ඔබ ලැජ්ජා විය යුතුයි

    1. Author

      බොහොම ස්තූතියි,
      අදහස් දැක්විමට ඔබතුමාට ස්තූතියි ඒ නිවිස් එක තේරුම් නොගැනිම ගැන කනගාටුයි.අවසාන පේලියේ තියේන්නේ ඒ මුදල් එජාපයේ මැතිවරණ අරමුදලට නොලැබෙන බවයි.එයින් කියන්නේ එම මුදල් කාගේ අතට පත්වන්නේද යන්න තොරුම් ගැනිමට අපෝසත් විම ගැන කණගාටු වෙමි
      ස්තූතියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *