හිටපු අමාත්‍ය ජනකගේ මස්සිනාට අයත් අවන්හලෙන් දඩමස් කිලෝ174ක් සොයාගනී

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ආසන්නයේ  පිහිටි හිටපු අමාත්‍ය ජනක බංඩාර තෙන්නකොන්ගේ බිරියගේ සහෝදරයාට  අයිති 69 නැමැති අවන්හලේ  තිබී දඩ මස් කිලෝග්‍රෑම් 174ක් සීගිරිය වනජීවී කාර්යාලයට අනුයුක්ත වනජීවී නිලධාරීන් සොයාගෙන තිබේ.

නන්දන නැමති ඇමති මස්සිනාට අයත් මෙම අවන් හල මේවනවිට චමින්ද යන අයෙකු විසින් පවත්වා ගෙන යනු ලබන්නේ සිය දේශපාලන බලය උපයෝගි කර ගෙනය.අලුයම දෙක තුන වන තෙක් දඔුල්ල ආර්ථාක මධ්‍යස්ථානයට සමගාමිව විවෘත කර ඇති මෙම අවන්හල රාජ්‍ය ආරක්ෂක නියෝජ්‍ය ඇමති ප්‍රමති බංඩාර තෙන්නකොන්ගේ බලය පෙන්වමින් පවත්වාගෙන යන නිසා පොලිසිය , සුරාබදු නිළදාරින් ,වනජිවි නිළදාරින් මෙහි දිගටම කර ගෙන ගිය දඩමස් ජාවාරම වැටලිමට මැලිකමක් දක්වයි.

වනජීවී බුද්ධි අංශ නිලධාරීන්ට ලද තොරතුරක් මත 17 මෙම  සිදුකළ වැටළීමකදී සැකකරුවන් දෙදෙනකු ද අත්අඩංගුවට ගෙන ඇත.

දඹුල්ල නගරයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් ඉලක්ක කර ගනිමින් දීර්ඝ කාලයක සිට මෙම දඩ මස් ජාවාරම සිදුකර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

හබරණ,දඔුල්ල, සිගිරිය  පොලිස් බල ප්‍රදේශවලට අයත් කලුන්දෑව, හබරණ, සීගිරිය,ගල්කිරියාගම ආදි රක්ෂිතවලින් දඩයම් කරන සතුන්ගේ මස්  මෙම අවන් හලට ගෙන එන බව ප්‍රසිද්ධ රහසකි.

විදේශීය මත්පැන් අලෙවියට සමගාමීව මෙම මස් අලෙවිය ද සිදුකර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *