බනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ ගුවන් යානා තෙල් කානුදිගේ උතුරා යයි

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ ගුවන් යානා ඉන්ධන ලීටර් 2500ක් පමණ දුම්රිය බෝගිවලට පිරවීමේදී උතුරා යාමේ සිදුවීමක් ඊයේ දින සිදුවී ඇතැයි එම සමාගමේ තොග චලන තොග නිෂ්පාදන අංශයේ සේවකයින් පිරිසක් පැවසීය.
කෙසේ වෙතත් පසුගිය මස ඉන්දියානු තෙල් සමාගමට අයත් පෙට්‍රල් තොගයක් අංක 18 ටැංකියට ගොඩබෑමේන් පසුවද පොළොවට කාන්දු වීමේ සිදුවීමක් වාර්තා විය..එම සිදුවීම්වී මසක් ගතවීමටත් ප්‍රථම මෙම වහා ගිනි ඇවිලෙන සුළු අධි අවදානමක් උසුලන ගුවන් යානා තෙල් දුම්රිය බෝගිවලට පිරවීමේදී මෙසේ උතුරා යාම සිදුවී ඇතැයි මෙම වීඩියෝ දර්ශන පරිශීලනය කිරීමේ දීම පැහැදිලි වනු ඇත..
තවත් ඉහළ පෙළේ ප්‍රකාශයකු ප්‍රකාශ කර සිටියේ තොග චලන තොග නිෂ්පාදන අංශයේ ඉහළම නිලධාරීන් මෙම ඉන්ධන උතුරායාම්,කාන්දුවීම්,ඉන්ධන අස්ථානගතවීම්,ඉන්ධන තොග ගණනය කිරීම් වලදී 0,05 රීතියට අනුව ගණනය කිරීම් සිදුකර දූෂණ අක්‍රමිකතාවයන් යට ගසන බවයි.
කෙසේ වෙතත් පසුගිය මාස පහක පමණ කාලය තුළ මෙම ආයතනයේ සහ සීපීසී ආයතනයේ ඉහල පරිපාලනයේ දුර්වලතා හේතුවෙන් ආයතනයට සිදුවන පරිහානියට ප්‍රධානම හේතුව දූෂණය වංචාවට ඉඩ ප්‍රස්ථාව ලබාදී කටයුතු කිරීම බවයි.කෙසේ වෙතත් මේ වනතුරුත් මෙම සිදුවන දූෂණ අක්‍රමිකතා වෙනුවෙන් ආයතන ප්‍රධානීන් මුනිවත රැකීමේ ක්‍රියා පිළිවෙත හේතුවෙන් ආයතනය තුළ දැඩි විනය පිරිහීමක් පවතින බවයි.
ඉකුත් මස තුන්වන දින ඉන්දියානු ඔයිල් සමාගමට අයත් ඉන්ධන ගොඩබෑමේදී කොලොන්නාව අංක 18 ඉන්ධන ටැංකියට ඉන්ධන ගොඩබාන අවස්ථාවේ ඉන්ධන කාන්දු වීමක් සිදු වූවාද එසේත් නැතිනම් වෙනත් ක්‍රියාවලියක් එමගින් සිදු වූවාද යන්න සොයා බැලීමක් සිදුකරනවා වෙනුවට ඉන්ධන තොග සම්බන්ධයෙන් ගැටලු රාශියක් පවතින අවස්ථාවක වත්මන් ප්‍රධාන පාලකයන් සිදුකරනුයේ වැරදිකරුවන් රකින කමිටු පත්කර ඒවායින් දූෂිත නාස්තිය සිදුකරන නිලධාරීන් රැකීමට අවශ්‍ය වටපිටාව ඇති කිරිමයි..ආයතනයේ දැනට ක්‍රියාත්මක වෙමින් පවතින ඕව හාරික විගණනය සඳහාද මෙම ඉන්ධන තොග විගණනය කිරීමට අදාළව විෂය පථයට ඇතුළත් කර නොතිබීම බරපතල කාරණයක් බවද සපුගස්කන්ද පර්යන්තයේ නිලධාරියෙකු අප වෙත පවසා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *