බිත්තර ගෙන්වු ආකරයටම ටින්මාලුත් ගෙන්න යයි

ටින්මාලු ආනයනය කිරිම නවතා දමා ඇත්තේ කෘතිම වෙළඳ පල හිඟයක් නිර්මාණය කරමින් බිත්තර ආනයන කිරීමට සිදු කළ ප්‍රෝඩාවට හා සමාන තවත් මගඩියක් සිදු කිරීමට බව ඉහල දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ඒ ටින්මාලු ආනයනය නවතා දැමුවද, මෙරට ටින්මාලු අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට දේශීය ටින්මාලු නිෂ්පාදකයින්ට හැකියාවක් නොවීම නිසාය.

මෙරට ටින්මාලු නිෂ්පාදකයන් ටින්මාලු නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය වන ඇසුරුම්, කෙම්කල්,ලේබල් ආදියෙන් වැඩි ප්‍රමාණයක් විදේස් රටවලින් ආනයනය කරන අතර ඒ සදහා හොද තත්වයේ මාලුද මෙරට මුහුදු සීමාවේ නොවීම හේතුවෙන් විදෙස් රටවලින් ආනයනය කරනු ලබයි.

ඊට අමතරව, ටින්මාලු නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය සදහා වැට් බදු ඇතුළු බදු විශාල වශයෙන් එකතුවන බැවින් මෙරට ටින්මාලු නිෂ්පාදන වියදම ද මේවන විට විශාල වශයෙන් ඉහල ගොස් තිබේ.

එහෙයින්, නිෂ්පාදන වියදම අධිකවීම නිසා මෙරට නිෂ්පාදිත ටින්මාලුවලට විදේස් ටින්මාලු මිල හා තරග කළ නොහැකිය.

ඒ අනුව ඉදිරි මාස කිහිපය තුළ ටින්මාලු ටින් එකක මිල රුපියල් 1000ට ආසන්න වනු ඇති බව වෙළඳපල ප්‍රවීනයන්ගේ මතය වේ.

මෙසේ වෙළඳපල තුළ ටින්මාලු මිල ඉහලයාම හා හිඟය  පදනම් කරගනිමින් අනාගතයේදී ටින්මාලු ද වෙළද අමාත්‍යංශය හරහා ගෙනඒමේ දිර්ඝකාලීන සැලැසුම මත මෙසේ ටින්මාලු ආනයනය තාවකාලිකව නවතා දමැ ඇති බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *