රනිල් 14 වරක් නොව 18 වරක් රට ගිහින් !

ජනාධිපති රනිල් මාස 14 ට 14 වතාවක් රට ගිහින් යනුවෙන් අප මීට පෙර පලකළ පුවත මාස 14ට 16 වරක් යනුවෙන් නිවැරදි විය යුතුය.මෙම  සංචාර මාලාවේ 18 වැනි සංචාරය ලෙස හෙතෙම පසුගියදා ( 12) ස්විස්ටර්ලන්තය බලා පිටත්ව  ගියේය

.ලබන 19 දා තෙක් ස්විස්ටර්ලන්තයේ රැදී සිටින ජනාධිපතිවරයා එහි සිට උගන්ඩාව බලා පිටත්ව යෑමට නියමිතය.

රට දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටින අවස්ථාවක ජනාධිපතිවරයා මහජන මුදල වැය කරමින් දිගින් දිගටම විදේශ සංචාරයන්හී නිරත වීම විපක්ෂයේ දැඩි දෝෂ දර්ශනයට ලක්ව තිබේ.

ජනාධිපතිවරයාගේ විදේශ සංචාර මාලාව ආරම්භ වන්නේ 2022 වසරේ සැප්තැම්බර් මාසයේ දෙවැනි එලිසබෙත් රැජනගේ අවමංගල්‍ය සඳහා එක්සත් රාජාධානියට ගිය සංචාරයෙනි.එම සංචාරය අවසන්ව පැමිණ දින හතරක් වැනි කාලයක් ඇතුලත ජනාධිපතිවරයා ජපානය බලා පිටත්ව ගියේය.ඒ එරට හිටපු අගමැති ෂින්සෝ අබේ ගේ අවමංගල්‍ය උත්සවය සඳහාය.සැප්තැම්බර් 222 දා සිට 28 දා තෙක් ජපානයේ රැදි සිටි ජනාධිපතිවරයා 29 දා පිලිපීනයේ දෙදින සංචාරයක් සඳහා පිටත්ව ගියේය.

2022 වසරේ ජනාධිපතිවරයා ගේ අවසන් විදේශ සංචාරය වූයේ නොවැම්බර් 6 දා සිට 10 දා දක්වා වූ ඊජිප්තු සංචාරයයි.එම වසරේ එක්සත් ජාතීන්ගේ කාලගුණික විපර්යාස සමුළුව පැවැත්වූයේ ඊජිප්තුවේය.

2023 වසරේ ජනාධිපතිවරයා විදේශ සංචාර 13 ක නිරත වී තිබේ.ඒ ඇමරිකාව,එක්සත් රාජධානිය,එක්සත් අරාබි එමීර් රාජ්‍ය,සිංගප්පූරුව,මාලදිවයින,ජපානය,ඉන්දියාව,ජර්මනිය,ප්‍රංශය,කියුබාව ,චීනය  යන රටවල් වෙතය. මෙහිදී ජනාධිපතිවරයා එක්සත් රාජධානියට දෙවරක් සංචාරය කර ඇත.2023 වසරේ ජනාධිපතිවරයා ගේ සම්පූර්ණ විදේශ සංචාර ලැයිස්තුව මෙසේය.

මැයි  4-7 එක්සත් රාජධානිය චාල්ස් රජුගේ අභිෂේකය ,

මැයි  23-26 ජපානය රාජ්‍ය සංචාරයක්,

ජූනි 17-21 එක්සත් රාජධානිය අන්තර් ජාතික ප්‍රජාතාන්ත්‍රික සංගමයේ හතලිස්වැනි සමුළුව ,

ජූනි 22-23 ප්‍රංශය නව ගෝලීය මූල්‍ය සම්මුතියේ පළමු රැස්වීම,

ජූලි 20-21 ඉන්දියාව රාජ්‍ය සංචාරයක්,

අගෝස්තු 20-21 සිංගප්පූරුව රාජ්‍ය සංචාරයක්,

සැප්තැම්බර් 15-16 කියුබාව G 77 සමුළුව,

සැප්තැම්බර් 18-24 ඇමරිකා එක්සත් ජනපදය එක්සත් ජාතීන්ගේ මහ සමුළුව,

එම මාසයේම 26-29 ජර්මනිය රාජ්‍ය සංචාරයක්,

ඔක්තෝම්බර් 15-18 චීනය රාජ්‍ය සංචාරයක්,

නොවැම්බර් 17-18 මාලදිවයින එරට නව ජනාධිපතිගේ පදවි ප්‍රාප්තිය,

නොවැම්බර් 30 දෙසැම්බර් 04 එක්සත් අරාබි එමීර් රාජ්‍ය එක්සත් ජාතීන්ගේ 2023 පරිසර විපර්යාස සමුළුව .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *