ඩී අයි ජී නාලකගේ උපාධි සහතිකය ව්‍යාජ එකක් බව ඉන්දියාවෙන් දන්වලා

නියෝජ්‍ය පොලිස්පතිනාලක සිල්වා  සහකාර පොලිස් අධිකාරිවරයෙකු  ලෙස බැදිමේදී ඉදිරිපත් කර ඇත්තේ ව්‍යාජ උපාධී සහතිකයක් බව හෙළිවී ඇත.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඝාතන කුමණ්ත්‍රනය කිරමේ චෝදනාවට ත්‍රස්ත විමර්ශන අංශයේ සිටි නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වාට එරෙහිව පැවති නඩු විභාගයෙන් ඔහු පසුගියද්‍ර නිදොස්කොට නිදහස් කෙරිණි.

කෙසේ වෙතත් ඔහු පොලිසියට බදවා ගැනිමෙිදී ව්‍යාජ සහතික ඉදිරිපත් කිරිම සමිබන්දයෙන් විමරිශනයක් සිදු කළේය.

ඒ අනුව ඔහු ඉදිරිපත් කර තිබු උපාධි සහතිකය සමිබන්ධයෙන් ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය මගින් නීතීය හා සාමය අමාත්‍යංශය කරුණු විමසා ඇත්තේ එම සහතිකය ලබා ගත් විශ්වවිද්‍යාලය ඉන්දියාවෙි පවතින්නේද යන්නයි.

ඒ අනුව සිදුකළ විමර්ශනයකින් අනතුරුව හෙළිව ඇත්තේ එවැනි විශ්වවිද්‍යාලයක් නොමැති බවයි.ඒ බව සදහන් කරමින් ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය මගින් නීතීය හා සාමය අමාත්‍යංශයට ඒබව දන්වා ඇති අතර ඒ සමිබන්ධයෙන් වැඩිදුර විමර්ශනයට ආදාළව ලිපිගොනුව ජාතික පොලිස් කොමිසමට යොමු කිරිමට අමාත්‍යංශය කටයුකු කරමින් සිටියි.

ඊට අමතරව ඔහු පොලිසියට බැදෙන විට නියමිත උසද නොමැති බව වාර්තාවෙි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *