ඇමති කාංචන කාටද මේ බොරු කියන්නේ

අමාත්‍ය කාංචන විජේසේකර පසුගිය දා පැවැති රුපවාහිනී වැඩසටහනකදී   ලංකා විදුල බල මණ්ඩලය,ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව,ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම සඳහා     අලුතින් සේවකයන් බඳවා ගැනීම තමා විසින්   නතර කර ඇති බවත්,එසේම විදුලි බල මණ්ඩලයේ සඳහා සේවක දරු  පදනම් මත සේවකයන් බඳවා ගැනීමට කටයුතු කිරීම තමා විසින් අත්හිට වූ බවත් ප්‍රකාශ කර තිබෙි.

එහෙත්  මේ වන විට ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමට  නවක සේවකයන් A ශ්‍රේණිය සඳහා සහ B ශ්‍රේණිය  සඳහා බඳවා ගැනීමට පුවත්පත් මගින් සහ  සමාගමේ වෙබ් පිටුව ඔස්සේ ඇබෑර්තු නිවේදන පළ කර ඇති බව අපට වාර්තා වී ඇත..ඒ සඳහා වන සම්මුඛ පරීක්ෂණ ඉකුත් දින කීපයකදි පැවති අතර එළඹෙන හෙට හෝ අනිද්දා දින විධායක ශ්‍රේණියට නවක බඳවා ගැනීම සඳහා  සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බවත් විශ්වාසනීය කටයුතු ආරංචි මාර්ග මගින් දැනගැනීමට ලැබි ඇත.  එසේම ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පොදු සේවක සංගමයේ නියෝජිතයින් මේ පිළිබඳව එහි කළමනාකාර අධ්‍යක්ෂකයන් විමසන ලදුව ඔහු ප්‍රකාශ කර පවසා ඇත්තේ ද  අනුමත පිරිස් බල සැකැස්මක් මෙම තොග ගබඩා සමාගම වෙත නොමැති බවත් ඉකුත් 2021 වසරේ  පිරිස් බල සැකැස්ම අනුමත කාලය හමාර වූ බවත් නව පිරිස් බල සැකැස්මක් සකස් කිරීමට ටෙන්ඩර් කැඳවා ඇති බවත් එම ක්‍රියාවලිය මේ වන විට සිදුවීම් පවතින බවත්ය.

කෙසේ නමුත් එවන් පසුබිමක කාංචන විජේසේකර ඇමතිවරයා දිගින් දිගටම ප්‍රකාශ කර සිටියේ මෙම ලංකා ඛනිජ තෙල් නීති ගත සංස්ථාවට සහ තොග ගබඩා පර්යන්ත සමාගමට පිළිගත් ආයතනයකින් ක්‍රමවේදයක් යටතේ නව පිරිස් බල සැකැස්මක් හඳුන්වා දෙන බවත්ය. නමුත් මේ වන විට එම ඇමතිවරයා විසින් කරන ලද ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍ය ප්‍රකාශ බවට මෙම පිටුවේ පහත දැක්වා ඇති ලේඛනවලින් සනාථ කළ හැක..මැතිවරණ උණුසුමත් සමග තම පක්ෂයට සහ තම හිතවතුන්ටුන්ට සහ සම්බන්ධව රැකියා අවස්ථා ලබා දීමේ වැඩපිළිවෙළක් සකස් කරමින් පවතින බවද අපට වාර්තා වී ඇත..කෙසේ නමුත්  සමාගමේ  අනුමත පිරිස් බල සැකැස්මක් නොමැතිව අභ්‍යන්තරව හෝ බාහිරව සේවකයින් බඳවා ගැනීම උසස්වීම් පිරිනැමීම  නීතියට පටහැනි ක්‍රියාවක් බව එහි උසස් නිලධාරියකු අප වෙත පවසා සිටියේය .

ටෙන්ඩර් මඟින් කැඳවා ඇති පිරිස් බල සැකැස්ම සකසන තෙක්බඳවාගැනීම් උසස්වීම් පිරිනැමීම තාවකාලිකව නවතා  අධ්‍යක්ෂක මණ්ඩල අනුමැතියක්ද පවතින බව වාර්තා වී ඇත. ඉකුත් අගෝස්තු මස විගණකාධිපතිවරයා විසින් ලංකා ඛංජ තෙල් නිදිගත් සංස්ථාව වෙත යොමු කරන ලද වාර්තාවක 2016 වසරේදී අනුමත පිරිස්වල සැකැස්ම අනුමත කිරීමේදී සහ බඳවා ගැනීමේ කාර්ය පටිපාටිය  සකස් කිරීමේදී මුදල් අමාත්‍යාංශයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ පූර්ව අනුමැතිය ලබාගත යුතු බවද එසේ අනුමැතිය ලබාගත් බඳවා ගැනීමේ කාර්ය පටිපාටිය  ක්‍රියාත්මක කිරීම මෙම ආයතන දෙකම ක්‍රියාවට නංවා නොමැති බවත් එම වාර්තාව මගින් පෙන්වා ඇත. කෙසේ වෙතත් මෙවන් පසුබිමක කාංචන විජේසේකර අමාත්‍යවරයා විසින් සිදු කරන ප්‍රකාශ ඉතා පරස්පර ප්‍රකාශ බවට සනාථ වේ..අමාත්‍යවරයා විසින් ඉකුත් මාර්තු මස 29 වන දින සේවකයන් 19 දෙනෙකු අනිවාර්ය නිවාඩු යැවීමට කටයුතු කළ අතර ඒ සඳහා ඔහු විසින් පොලිස් ප්‍රතිවරයා වෙත ලිඛිත පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබූ බව  ඔහු විසින් මාධ්‍ය හමුවක් පවත්වා ප්‍රකාශ කර සිටියා.නමුත් ඉකුත් සුගතදාස ගෘහත්ත ක්‍රීඩාංගනයේ පැවති  පොදු ජන පෙරමුණු සම්මේලනය දිනම  විනය පරීක්ෂණයන්ට යටත්ව කඩිනමින් සේවයට බඳවා ගැනීමට කාංචන විජේසේකර ඇමතිවරයා උපදෙස් ලබාදීමෙන් පසු පාලන අධිකාරිය කටයුතු කළ බවද මේ වන විට හෙළි වී හමාරය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *