හෙරොයින් ලඟ තබාගෙන සිටි බන්ධනාගාර නියාමකවරු තිදෙනෙක් අත් අඩංගුවට

හොරොයින් මත් ද්‍රව්‍ය ලඟ තබාගෙන සිටි බන්ධනාගාර නියාමකවරු තිදෙනෙක් යුක්තිය මෙහෙයුමේදී අත් අඩංගුවට ගත් බව මහනුවර පොලිස් මුලස්ථානයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
මෙම තිදෙනා සන්තකයේ තිබී හෙරොයින් මිලි ග්‍රෑමි 7880 ක් පොලිස් නිළධාරින්ගේ භාරයට ගෙන ගෙන තිබේ.
එක් අයෙකු පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් විසින් අත් අඩංගුවට ගෙන ඇති අතර ඔහු මහනුවර ගුන්නෑපානේ පදංචි අයෙකි.
අනෙක් දෙදෙනා මහනුවර පොලිසියේ නිලධාරින් සිදුකල මෙහෙයුමකදී අත් අඩංගුවට පත්වු බව මහනුවර පොලිසියේ උසස් නිලධාරියා කීය.
එක් අයෙකු හඟුරන්කෙත පදිංචි අතර අනෙක් පුද්ගලයා කොත්මලේ පදිංචි අයෙකු බව පොලිසිය පවසයි.
මෙම බන්ධනාගාර නියාමකවරුන් තිදෙනාට තහනමි විෂ මත් ද්‍රව්‍යයක් වන හෙරොයින් සන්තකයේ තබා ගැනීමට කිසිදු හේතුවක් නැතැයි පොලිසිය පවසයි. මෙම සැකකාර බන්ධනාගාර නියාමකවරුන් තිදෙනාට එරෙහිව අධිකරණයේ නඩු පැවරීමට කටයුතු කරන බව මහනුවර පොලිස්මුලස්ථානයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා වැඩිදුරටත් කීය.

බන්ධනාගාර නියාමකවරුන් ගෙන් දැනට සිවු දෙනෙකු පමණ මත් ද්‍රව්‍ය චෝදනා යටතේ බන්ධනාගාර ගත කර ඇති බවද කීප දෙනෙකු ජීවිතාන්තය දක්වා සිරදඞුවම් ලබන බවද මහනුවර පොලිස් මුලස්ථාන අධිකරණ වාර්තා සඳහන් කරයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *