අස්ගිරි මහා විහාරයෙන් බුදු දහමට එරෙහිව ක්‍රියා කරන්නන්ට එරෙහිව රජයට දැනුම් දීමක්

වර්තමානයේ බුදු දහමට හානිවන ආකාරයට විවිධ පාර්ශවයන් හා පුද්ගලයන් විසින් බුදු දහමටත් බුදුන් වහන්සේගේ දර්ශණයටත් පටහැණි ලෙස සිදු කරන බරපතළ හානිවලට ඉඩ නොදිය යුතු බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම බුදු දහම ආරක්ෂා කොට පෝෂණය කරන බවට සහතික වී ඇති නිසා රජයේ වගකීම බුදුදහම ව්‍යවස්ථාවෙන්ම ආරක්ෂා කිරීම බව සියමි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ අනුනායක අධ්‍යාපනපති පුජ්‍ය ආණමඩුවේ ධම්මදස්සී හිමි පාණන් වහන්සේ අස්ගිරි මහා විහරයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී පැවසුහ.
එහිදී වැඩි දුරටත් කරුණු දැක්වු අස්ගිරි අනුනාහිමයෝ මෙසේ පැවසුහ.
මල්වතු අස්ගිරි මහා නාහිමි පාණන් වහන්සේලා ද මෙවන් ක්‍රියාවන්ට උන් වහන්සේලාගේ අපුසාදය පලකර තිබෙන බවත්
මෙවැනි ක්‍රියාවන්ට කිසිසේත් ඉඩ නොතබන්නැයි අප රජයේ බලධාරින්ගෙන් සහ රජයෙන් ඉල්ලා සිටිනවා.
අග්ගමහා පණ්ඩිත පුජ්‍ය ඕමාරේ කස්සප හිමියන් අදහස් දක්වමින්,මහා සංඝරත්නයට අවලාද නගමින් ගිහිජනතාව හා මහා සංඝරත්නය අතර සංහිඳියාවට සමගියට බාධා ඇති කරවන බුදු දහම විකෘති කරන්නන්ට එරෙහිව දැඩි පියවර ගන්නැයිද මෙහිදී පැවසුහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *