ටිරාන් ලඟත් ජෙරොම් ගේ අනුගාමිකයන්

නීතිපති දෙපාර්තමේන්තුවේ පමණක් නොව ටිරාන් අලස්ගේ මහජන ආරක්ෂක අමාත්‍යාංශය තුලද දේවගැති ජෙරොම ප්‍රනාන්දුගේ අනුගාමිකයන් සිටින බවට තොරතුරු වාර්තාවේ.ආගමික අපහාසය මත ජෙරොම් ප්‍රනාන්දුට එරෙහි නඩුවේ නීතිපතිවරයා නියෝජනය කරමින් අධිකරණයේ පෙනී සිටින රජයේ නීතිඥවරයා ජෙරොම් ප්‍රනාන්දුගේ ආගමික අනුගාමිකයෙකු බව පසුගිය දිනෙක අපි හෙළිදරවු කළෙමු.එම පුවත පලවී දිනක් ගත වන්නටත් පෙර පසුගිය තුන් වැනිදා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඔහුට ඇප නියම කෙරිණ.ඉන් පසු අප විසින් තහවුරු කරගත් තොරතුරුවලට අනුව නීතිපති දෙපාර්තමේන්තුව තුල ජෙරොම් අනුගාමිකයෝ තිදෙනෙක් සිටිති.ජෙරොම් ගේ නඩුව වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥයා ජෙරෝම්ගේ ආගමික කල්ලිය වෙනුවෙන් මුදලින් පවා ආධාර කල අයෙකි.

මේ සම්බන්ධයෙන් තව දුරටත්  තොරතුරු සොයා ගිය දැනගන්නට ලැබුනේ ජෙරොම් ගේ ආගමික විශ්වාසය දරන ඔහුගේ අනුගාමිකයන් සය දෙනෙකු මහජන ආරක්ෂාව පිලිබඳ අමාත්‍යංශයේ සිටින බවය.ජෙරොම් ප්‍රනාන්දුට අප ලබා ගැනීම සඳහා මෙම නිලධාරීන් ද විශාල මැදිහත් වීමක් සිදු කොට තිබෙන අතර ඔහු රක්ෂිත බන්ධනාගාරගත කර සිතන දිනවල ඔහුට ආහාර පාන සපයා තිබෙන්නේද මෙම නිලධාරීන් විසිනි.ඒ සඳහා ඔවුන් පෞද්ගලිකවම රිමාන්ඩ් බන්ධනාගාරය වෙත පැමිණ තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *