අයුක්තියේ  මෙහෙයුමේ විශේෂ රාජකාරිවලට  යොදවා ඇති

පොලිස් නිළධාරින්ට ලබා දිය යුතු අතුරුපස දිමනාවත් නෑ

මේ දිනවල ක්‍රියාත්මක අයුක්තියේ මෙහෙයුමේ විශේෂ රාජකාරි සදහා යොදවා ඇති පොලිස් නිළධාරින්ට ලබා දිය යුතු අතුරුපස දිමනාව දිනකිහිපයක් පමණක් ලබාදී  එය ලබාදිම නවතා දමා ඇතැයි පොලිස් පොඩ්ඩෝ පවසති.

දවසේ පැය අටකට වඩා විශේෂ රාජකාරි සදහා  යොදවන පොලිස් නිළධාරින්හට මෙම අතුරුපද දිමනාව ලබා දෙයි.එහිදී රුපියල් දෙසියකට යටත්ව වතුර බොතලයක් කෙටි කෑම ආදිය එම මුදලින් ලබා ගෙන රාජකාරියේ නියුතු  නිළදාරින්ට ලබා දෙයි.

ඒ සදහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන පොලිස් මුලස්ථානය මගින් ලබා දෙන බවට මුලින් සදහන් කර ඇති අතර  මේ වන තෙක් එම මුදල් ලැබි නොමැති බව වාර්තාවෙි. ඇතැම් පොලිස් කොඨඨාශවල එම අතරුපස ලබා දි නොමැති අතර වයඹ පොලිස් බල ප්‍රදේශය තුළ යුක්තියේ මෙහෙයුම නියුතු නිරාධාරීන්ට සුභසාධන පැකට්ටුව මෙහෙයුම අරඹා දින දෙකක් පමණක් ලැබූ පසු එය නතර කළ බව පොලිස් කොඩ්ඩෝ පවසයි.මේ නිසා රාජකාරියේ නියුතු නිළධාරින්ට මෙහෙයුම පෙර රාත්‍රියේ ගත් ආහාරයෙන් පසු උදෑසන වනතෙක් නිරාහාරව සිටිමට සිදුව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *