විධායක ජනාධිපති පදවිය අහෝසි විය යුතුයි _   කරූ ජයසුරිය

විධායක ජනාධිපති පදවිය අහෝසි විය යුතුයි.අපි ජනාධිපති ධුරයට විරුද්ධ නැහැ නමුත් එහි තිබෙන අසීමිත විධායක බලතල වලට එකඟ වන්න බැහැ .මේ විධායක ජනාධිපති ධුරය අපේ රටට ගැලපෙන්නේ නැහැ .එය පුජාතන්ත්‍රවාදයටත් බලපානවා. යැයි සාධාරණ සමාජයක් සඳහා වු ජනතා ව්‍යාපාරයේ සභාපති  හිටපු කතානායක දේශබන්දු කරූ ජයසුරිය  මහනුවරදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පැවසීය.

කුණ්ඩසාලේ සෙරන්ඩීබ් හෝටලයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී වැඩි දුරටත්කරුණු දැක්වු  කරූ ජයසුරිය හිටපු කතානායක වරයා මෙසේ කීය.

 පාර්ලිමෙින්තුවට බලතල ලබාදීල නියම ප්‍රජාතන්ත්‍රවාදී පාලන තන්ත්‍රයක් රට තුල ඇති කිරිමට සාධාරණ සමාජයක් සඳහා  වු ව්‍යාපාරය ඒ  වෙනුවෙන් පෙනී සිටිනවා. 

වැඩිසුරටත් අදහස් දැක්වු කරූ ජයසුරිය  මහතා පැවසුවේ “ජාතීන් අතර සහජීවනය සමානාත්මතාවය ඇති කර ආගමික සංහිඳියාව ඇති කල යුතුයි එය නොකලොත් මේ රටට ඉදිරියට  යාමට නොහැකියි.විධායක ජනාධිපති ධුරය පිළිබඳව ජනතාවගේ සිත් තුල විවිධ විශාල  මත ඇතිවී තිබෙනව අප ඔවුන් සමග සාකච්ඡා කල විට ඒ ගැන දැනගත හැකි වුවා.

 මේ රටට අවශ්‍ය යයි සමාජ විපර්යාසයක් මෙි රට ගැන හිතන ජාතීවාදී අදහස් වලින් තොර සමාජයක් බිහිවිය යුතුයි.

 පසුගිය කාලයේ ආරම්භ කල දුෂණ විරෝධී පණත යලි බලාත්මක කල යුතුයි. මේ දුෂණ වංචා නිසා රටට මෙනෙ තරම් හානියක් සිදුවී ඇදද ? “

“පසුගිය කාලයේ සෙෘඛ්‍ය අමාත්‍යාංශයේ ඇතිවු බෙහෙත් වංචාව සම්බන්ධයෙන් හරියට නිසි පරිදි නීතිය කි්‍රයාත්මක වුනානම් ඒවට වගකිවයුතු අයට  නීතීය ක්‍රියාත්මක විය  යුතුයි නය මතයේ අපි ඉන්නව.  එය විනිවිද විය යුතුයි.

 ගරු කටයුතුමන්ත්‍රි තුමා ඇමති තුමා කියල කියන්න  පාර්ලිමේන්තුවට සුදුසු ගරු කටයුතු අයෙකු තෝරා පත් කර යැවීමේ වගකීම පැවරී තියෙන්නේ  එවැනි අය පත් කරල යවන මහජනතාවටයි..අපේ ව්‍යාපාරය කිමිම දේශපාලන පක්ෂයකට සම්බන්ධ නැහැ.තම ව්‍යාපාරය කිසිදු දේශපාළන පක්ෂයකට සහාය නොදෙන” බව පැවසිය යුතුයි.යනුවෙන් මහතා වැඩිදුරටත් පැවසිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *