කොලොන්නාව තෙල් ගබඩා පර්යන්ත සමාගමේ  පරිපාලන ගොඩනැගිල්ලේ

අකුණු සන්නායකයක  කොටසක් කපාගෙන ගිහින්

කොලොන්නාව තොග ගබඩා පර්යන්ත සමාගමේ  ප්‍රධාන පරිපාලන තෙමහල් ගොඩනැගිල්ලේ අකුණු සන්නායකයක තඹ වයර් පටි  කොටසක් කපාගෙන ගොස් ඇතැයි  සමාගමේ අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි.මේ පිළිබඳව ආරක්ෂක අංශය  විශේෂ පරීක්ෂණයක් සහ සෝදිසි කටයුත්තක නිරත වූ බවද වාර්තාවේ…මෙහි ඉතා බරපතල තත්ත්වය නම්  ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ, තොග ගබඩා පරියන්ත සමාගමේ, ඉන්දියානු ඔයිල් සමාගමේ,මෑතකදී ව්‍යාපාර කටයුතුවලට සම්බන්ධ වූ සයිනො පැක් ආයතනයේ  සියලුම දත්ත ගබඩා  පවත්වාගෙන යමින්  දත්ත පද්ධති අංශය ක්‍රියාත්මක වනුයේද මෙම ගොඩනැගිල්ලේ පහළ මාලයේය..

 මීට වසර දහයකට පමණ පෙර  එම දත්ත පද්ධති අංශයට අකුණු සැර වැදීම හේතුවෙන්  එහි ප්‍රධාන දත්ත ගබඩා සර්වස්  දෙකක් මුළුමනින්ම විනාශයට පත් වූ අතර  ඒවාටද රක්ෂණ සමාගම විසින් වන්දි ලබා දී ඇත්තේ  අඩු තක්සේරු මිල ගණන් වලටය.

  මෙම දත්ත පද්ධතියට  බලපෑමක් ඇති වුවහොත් එමගින් යම් ගිනි ගැනීමක් සිදුවුවහොත්  පද්ධතිය ක්‍රියාකාරීත්වය ක්‍රියාවට නැංවීමට  තිබෙන ආරක්ෂක පද්ධතිය ද  පිහිටා ඇත්තේ මෙම දත්ත පද්ධති අංශයේම පරිගණක  සර්වස්  ස්ථාපනය කර ඇති  ගබඩා කාමරේවීම  විමතියට පත්වන කාරණයක් වන බවයි.

කෙසේ වෙතත් මේ පිළිබඳව අප ආයතනයේ  සේවකයන්ගෙන් විමසූ විට පවසා සිටියේ  වර්තමාන ආරක්ෂක කළමනාකාරවරයා   ආයතනයේ ප්‍රධාන පිවිසුම් මාර්ගවල ආරක්ෂාව සඳහා ආරක්ෂක අංශයේ සේවකයන් යොදවා සිටියත්  ආයතනයේ ප්‍රධාන ආරක්ෂාව සැප විය යුතු  වහා ගිනි ඇවිලෙන  පෙට්‍රල් ,නෙත්තා වැනි වහා ගිනි  ගන්නා  ඉන්ධන ගබඩා කර ඇති  විශාල තෙල් ටැංකි රාශියක් පිහිටා ඇති  කලාප හය ,හත අට ප්‍රදේශයන්ට  කිහිපවිටක්ම හීන් ඇළ ප්‍රදේශයෙන් සොරුන් ඇතුළුවී  ප්‍රධාන විදුලි පද්ධතියට සම්බන්ධ අර්ත් වයර්  කපා ගෙන යාම්  අවස්ථා කිහිපයකදීම වාර්තා වූ බවත්  ඒවාට හිටපු සභාපති කළමනාකාර අධ්‍යක්ෂක වරයා විසින්  ආයතන මට්ටමින් හා ත්‍රිපුද්ගල කමිටු මගින්  පරීක්ෂණ පැවැත්වුවද  එම සමාගමේ ඔහුට හිතෛෂී  විනය කමිටු නිලධාරීන් විසින්  සහ විනය බලධරයා විසින්  එම පරීක්ෂණ වාර්තා යට ගසා ඇති බවය…

කෙසේ වෙතත් වර්තමාන කළමනාකාර අධ්‍යක්ෂවරයාද  හිටපු ආරක්ෂක අංශ නිලධාරියකු  වේ.කෙසේ වෙතත්  රටට සුවිශේෂී මෙවැනි ආර්ථික මරමස්ථානයක  යම් කඩාකප්පල්කාරී චේතනාවකින්  කිසියම් හෝ සිදුවීමක්  සිදුවීමට ප්‍රථම  ආයතනයේ ආරක්ෂක අංශයේ සහ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ අවධානය යොමු විය යුතු බව අවධාරණය කරමි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *