වයඹ ආණ්ඩුකාර යාපා නිළ නිවාස තුනක

මහඇමති නගරාධිපති නිළනිවාසත් පරිහරණයට

වයඹ පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා සිය බලය යොදා ගෙන තමන්ට හිමි ආණ්ඩුකාර නිළ නිවසට අමතරව තවත් නිළ නිවාස දෙකක් භාවිතා කරන බව වාර්තාවෙි.

මේ වනවිට පළාත් සභාව හා මහනගර සභාව ද ක්‍රියාත්මක නොමැති තත්වයක තිබියදි ආණ්ඩුකාරවරයා මේසේ කටයුතු කරයි.

ඒ අනුව කුරුණැගල වැව රවුමේ පිහිටි ආණ්ඩුකාර නිළ නිවසට ආසන්නයේ පිහිටි මහඇමති නිළ නිවස හා අලුතින් ඉදිකර ඇති නගර සභා නිළ නිවස ද සිය පරිහරණයට  ගෙන ඇත.

මෙම නිළ නිවාස තුනම මිටර් දෙසියක් තුළ පිහිටා ඇති අතර ඉන් එක් නිළනිවසක් ආණ්ඩුකාර පුත් සතොස සභාපති පසද යාපා පරිහරණය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *