44 වැනි ජාතික කනිෂ්ඨ ශූරතා පිරිමි  සහ 03 වැනි ජාතික කනිෂ්ඨ ශූරතා කාන්තා හොකී තරගාවලිය  පෙබරවාරී මස 14-17 දිනවල  ශාලිකා ක්‍රීඩාංගණයේ දී 

44 වැනි ජාතික කනිෂ්ඨ ශූරතා පිරිමි හොකී තරගාවලිය සහ 03 වැනි ජාතික කනිෂ්ඨ ශූරතා කාන්තා හොකී තරගාවලිය එළඹෙන පෙබරවාරී මස 14.15.16.17 දිනවල කොළඹ නාරාහේන්පිට පිහිටි ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් “ශාලිකා” ක්‍රීඩාංගණයේ දී  පැවැත්වේ.

අවුරුදු 21 න් පහළ වයස් සීමාව යටතේ ක්‍රියාත්මක කෙරෙන මෙම තරගාවලියට ශ්‍රී ලංකා හොකී සම්මේලනයේ සාමාජිකත්වය ලබා ඇති ආරක්‍ෂක සේවා, රාජ්‍ය සේවා, ජනසතු සේවා, වෙළඳ සේවා, ඒකාබද්ධ විශ්ව විද්‍යාල, ශ්‍රී ලංකා පාසල් ඇතුළුව දිස්ත්‍රික් සංගම් 17 කට කණ්ඩායම් ඉදිරිපත් කිරීමේ හැකියාව ලැබී තිබේ.

මෙවර තරගාවලිය පිළිබඳ  වැඩි තොරතුරු සහ අයඳුම් පත් පී.විශ්වනාදන් මහතා, සභාපති, ශ්‍රී ලංකා හොකී සම්මේලනය, පදනම් මාවත, කොළඹ 07. යන ලිපිනයට යොමු කිරීමෙන් ලබා ගත හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *