හපන්ගමගේ අත්වැසුම් මාෆියාව

ලලාන් ආයතනයේ පළමුවන නිෂ්පාදන කර්මාන්ත ශාලාව  වන වරකාපොල කර්මාන්ත ශාලාවේ අපද්‍රව්‍ය  සෘජුවම ඒ ආසන්නයේ පිහිටි ඇල මාර්ගයක් වෙත පිරිපහදුවකින් තොරව මුදා හරින බව නොරහසක්. මෙය  Hayleys  ආයතනය මීට වසර කිහිපයකට  පෙර රතුපස්වල කර්මාන්තශාලාව සිදු කළාක් මෙන්  නිෂ්පාදනයේ අතිරික්තයන් අවට පිහිටි ඇල මාර්ගයන් වෙත මුදා හැරීම මගින් ජලයේ ආම්ලිකතාවය සැලකිය යුතු ලෙස වැඩිවීමකට ලක් කරයි.

 මෙම වරකාපොළ කර්මාන්තශාලාව BOI කර්මාන්ත පුරයක පිහිටා නොමැති නිසා සහ ජලයේ ආම්ලිකතාව වැඩි වීම ප්‍රදේශවාසීන්ට කෙටි කාලීන හා දිගු කාලීන ආබාධයන්ට ලක්වීමට සම්භාවිතාව කිහිපයේ ගුණයකින් වැඩි කරයි. බහුතරයක් ප්‍රදේශවාසීන් මෙම කර්මාන්ත ශාලාවේ රැකියාවේ නියුතු නිසා මේ පිළිබඳව හඬක් නැගීම සිදු නොකරයි. නමුත් මෙය කර්මාන්තශාලාවේ පාලනාධිකාරියට සැඟවිය නොහැකි නොරහසකි.

ලලාන් ආයතනය ශ්‍රිලංකාව තුළ  සියයට සියයක ඒකාධිකාරියක් අත් වැසුම් සඳහා පවත්වාගෙන යයි. සියලුම ශල්‍ය අත් වැසුම් බියගම පිහිටි කර්මාන්තශාලා හරහා දේශීය වෛද්‍ය සැපයුම් කරුවෙකු හරහා ශ්‍රිලංකාවේ වෙළඳපොළට අත් වැසුම් සපයයි. අප දේශීය වෛද්‍යවරයෙකුගෙන්  අත්වැසුම් සම්බන්ධව ප්‍රකාශයක් ගතහොත් ඕනෑම අයෙකුගේ අදහස් වනුයේ එය එතරම් හොඳ  අත්වැසුමක් නොවේය යන්නයි. බොහෝ දුරට මෙම ආයතනය  දේශිය අවශ්‍යතාවයන් සඳහා සපයන්නේ  අවම තත්ත්ව සහතික යටතේ ඇති අත්වැසුම්ය, බොහෝ දුරට  අපනයනය කිරීම සඳහා භාවිතා කර ඉන්  දෙවන පන්ති හා තෙවන පන්තියේ අත්වැසුම් දේශීය වෙළෙඳපොළට යොමු කරන්නේ පළමු පන්තියේ අත්වැසුම් ලෙස නම් සදහන් කරමිණි .

 මේ අයුරින් දේශීය රෝහල් වලට අත් වැසුම් සපයන්නෙ අතරමැදියෙකු හරහා ගනුදෙනු කිරීමෙනි. මොහු විසින් සිදු කරන්නෙ ශ්‍රී ලංකා සෞඛ්‍යය අමාත්‍යාංශයේ කාර්‍යයේ නියුතු යම් යම් බලයලත් නිළධාරීන් හට කොමිස් ලබා දී වෙළඳපොළ විකුණුම් මිළට වඩා ඉහළ මිළකට මෙම අත්වැසුම් අළෙවි කිරීමයි.

තව ද, මෙම රෝහල්වලින් ඔහුට ගෙවිය යුතු මුදල් ගෙවීමට ප්‍රමාද වන්නෙ නම්, මොහු සතු බලතල යොදා ගනිමින්, ශල්‍යකර්ම වලට හෝ අනෙකුත් වෛද්‍ය කටයුතු සඳහා යොදාගත් පසු ඉවතලන මිනිස් ශරීර කොටස් බැහැර කිරීම සඳහා එම කොටස් ඉවත් කරන්නන් (එම කාර්‍යය කරනු ලබන අතරමැදි ව්‍යාපාරිකයන්) හට එම කොටස් ඉවත් නොකිරීමට උපදෙස් ලබා දී රෝහල්වල දෛනික කටයුතු අඩාල කිරීම  එහි හිමිකරු වන ලලිත් හපන්ගම විසින් සිදු කරයි.ඔහුට ඇති බලය මනාවට පැහැදිලි වන්නේ තමන්ට අයත් කිරුළපන ප්‍රදේශයේ පාලු ගොඩනැගිල්ලකට වෙඩි තබා ගෙන තමන්ට ජිවිත තර්ජන ඇති බව සදහන් කරමින් පොලිස් ආරක්ෂාව පිට ගමන් කිරිමයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *