පාසල් හොකී 18 න් පහළ හොකී තරගාවලියේ බාලක සම ශූරතාව වෙන්නප්පුව ශාන්ත ජෝශප් වාස් විදුහල සහ මාතලේ ශාන්ත තෝමස් විදුහලට

ශ්‍රී ලංකා පාසල් හොකී සංගමයේ මෙහෙය වීමෙන් වෙන්නප්පුව ඇල්බට් එෆ්.  පීරිස් ක්‍රීඩාංගනයේදී ක්‍රියාත්මක කෙරුණු සමස්ත ලංකා පාසල් අවුරුදු 18 න් පහළ හොකී තරගාවලියේ බාලක සම ශූරතාව දිනා ගැනීමට වෙන්නප්පුව ශාන්ත ජෝශප් වාස් විදුහල සහ මාතලේ ශාන්ත තෝමස් විදුහල සමත් විය.

මෙවර තරගාවලියේ බාලිකා ශූරතාව වෙන්නප්පුව ශුද්ධ වූ පවුලේ බාලිකා විදුහල දිනා ගන්නා අතර වාරයේදී මාතලේ සංඝමිත්තා බාලිකා විදුහලට අනු ශූරතාව හිමි විය.

බාලක “පළඟ” ශූරතාව සමව හිමි කර ගැනීමට මීගමුව මාරිස්ටෙලා විදුහල සහ මාතලේ සහිරා විදුහල සමත් වූහ.

 බාලිකා “පළඟ” සම ශූරතාව තහවුරු කර ගැනීමට මහනුවර සිතා දේවී බාලිකා විදුහලට සහ නාවල ජනාධිපති බාලිකා විදුහලට හැකි විය.

“බඳුණ”  අංශයේ බාලක සම ශූරතාව මාතලේ ක්‍රිස්තුදේව සහ මහනුවර විද්‍යාර්ථ විදුහල් දිනා ගත්තේය. එකී බාලිකා ශූරතාව කොළඹ මියුසියස් විදුහලට ද අනු ශූරතාව කොළඹ විශාකා විදුහලට ද හිමි විය.

කොළඹ ශාන්ත බෙන්ඩික්ට් විදුහල සහ මහනුවර කිංග්ස්වුඩ් විදුහල “පළිහ” සම ශූරතාව දිනා ගන්න අතර වාරයේදී බාලිකා “පළිහ” ශූරතාව මාතලේ ඕවිලකන්ද මහා විදුහලට හිමි විය. එකී අනු ශූරතාව ගාල්ල සවුත්ලන්ඩ් බාලිකා විදුහල සතු විය.

පාසල් 10 ක සහභාගීත්වයෙන් ක්‍රියාත්මක කෙරුණු දෙවන පෙළ බාලක තරග මාලාවේ ශූරතාව දිනා ගැනීමට කොළඹ ඩී.එස්.සේනානායක විදුහලට හැකි විය.

එකී අනු ශූරතාව මහනුවර ශාන්ත සිල්වෙස්තර විදුහල හිමි කර ගන්නා අතර වාරයේදී සම තෙවන ස්ථානයෙන් සෑහීමට පත්වන්නට මාතලේ තැන්න මහා විදුහලට සහ කොළඹ සහිරා විදුහලට සිදු විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *