නිපොන් පේන්ට් අභියෝග කුසලාන” ලීග් ශූරතා රග්බී පාපන්දු තරගාවලියේ  මහනුවර ක්‍රීඩා සමාජය පෙරමුණේ

ශ්‍රී ලංකා රග්බී පාපන්දු ආයතනයේ මෙහෙයවීමෙන් දැන් ක්‍රියාත්මක”නිපොන් පේන්ට් අභියෝග කුසලාන” ලීග් ශූරතා රග්බී පාපන්දු තරගාවලිය යටතේ මෙතෙක් පැවති තරග ආශ්‍රිතව ලකුණු පුවරුවේ පෙරමුණ ආරක්‍ෂා කර ගැනීමට මහනුවර ක්‍රීඩා සමාජයට හැකියාව ලැබී තිබේ.

05 වැනි සතිය නිමා වන විට ලකුණු 30 ක් ලබා ගනිමින් ලකුණු පුවරුවේ පෙරමුණ ආරක්‍ෂා කර ගන්නා අතර වාරයේදී ලකුණු 29 ක් ලබා ගනිමින් දෙවන ස්ථානය තහවුරු කර ගැනීමට අගනුවර ලොන්ඩන් පෙදෙසේ පිහිටි සී. ආර්. ඇන්ඩ් එෆ්. සී. සමාජයට හැකියාව ලැබිණි.

මහනුවර සමාජය මෙන්ම සී. ආර්. ඇන්ඩ් එෆ්. සී. සමාජය ද තම අපරාජිත බව ආරක්ෂා කර ගැනීමට සමත් වී සිටීම විශේෂත්වයකි. ඔවුන් සහභාගි වූ තරග පහම ජය ගෙන තිබීම ඒ අතර කැපී පෙනුණි.

මෙතෙක් පැවති තරග ආශ්‍රිතව තෙවන ස්ථානය දක්වා පිවිසීමට අගනුවර හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය (ලකුණු 19) සමත් වන අතර වාරයේදී අගනුවර මෙට්ලන්ඩ් පෙදෙසේ සී. එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය (ලකුණු 17) ට සිව් වැනි ස්ථානය හිමි වී තිබේ.

හැව්ලොක්ස් සහ සී. එච්. යන දෙපිල ජයග්‍රහණ  ත්‍රිත්වය බැගින් සටහන් කර ගැනීමට සමත්ව තිබෙන අතර ජයග්‍රහණ 02 කට හිමිකම් කියන පොලිසිය සතු ලකුණු සංඛ්‍යාව 11 කි. යුද හමුදාව ලකුණු 08 කට හිමිකම් කියන අතර ගුවන් හමුදාව සතු ලකුණු සංඛ්‍යාව 06 කි. එම දෙපිල ජයග්‍රහණ 02 කට උරුමකම් කීවේය. මුහුණ දුන් තරග පහම පරාජයට පත්ව සිටින නාවික හමුදාව සතු ලකුණු එකතුව 01 කි.

තම ක්‍රීඩා සමාජය වෙනුවෙන් වැඩිම පෞද්ගලික ලකුණු එකතුව සටහන් කිරීමට තේනුක නානායක්කාර (සී. ආර්. ඇන්ඩ් එෆ්. සී), හිරූෂ නෙත්මිණ (සී. එච්. ඇන්ඩ්. එෆ්. සී.) තරින්ද රත්වත්තේ (මහනුවර), සැමුවෙල් මදුවන්ත (හැව්ලොක්ස්),   ප්‍රින්ස් චාමර (පොලිසිය),  අශාන් බණ්ඩාර (යුද්ධහමුදාව) සහ ගයන්ත ඉද්දමල්ගොඩ (ගුවන් හමුදාව)

සමත් වූහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *