මැතිවරණයක් ඉල්ලා පොහොට්ටුව 15දා සිට ගමට බසි

ලබන අප්‍රේල් සිංහල දෙමළ අලුත් අවුරුද්දට කළින් මහමැතිවරණයක් අවශ්‍යා බව සිය පාක්ෂිකයින් තුල මතයක් ගොඩ නැගිම සදහා ශ්‍රිලංකා පොදුජන පෙරමුණ ලබන 15 දින සිට ගම්මට්ටමේ ජනාතාව දැනුවත් කිරිමේ වැඩසටහනක් ආරම්භ කරිමට සැලසුම් කර තිබෙි.

දැනට ඇමරිකාවනට ගොස් සිට පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ එහි සිට එම සංවිධාන කටයුතු මෙහෙයවන අතර ඔහු ජනවාර් අවසානයේ යළි මේරටට පැමිණිමට නියමිතය.

එසේ පැමිණිමෙන් පසුව ජනාධිපතිවරයා සමග සාකචිජාකර මැතිවරණයක් ලබා ගැනිමට සැලසුම් කර ඇති අතර එසේ නොමැති නම්  මැතිවරණයක් පවත්වන ලෙස ඉල්ලම්න් පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙන ඒමට ශ්‍රිලංකා පොදුජන පෙරමුණ සැලසුම් කර  ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

දැනට මහජනතාව  තුළ ඇති මතය උරගා බැලිම සදහා මෙම මැතිවරණය පැවැත්විය යුතු බව පොදුජන පෙරමුණේ ප්‍රබලයින්ගේ මතය වී ඇත.

එයින් ලැබෙන ප්‍රථිපලය මත ඉසිරි ජනාධිපතිවරණය සදහා තනිව තරග කරන්නේද පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන්නේද එසේ  නොමැති නම් රනිල් වික්‍රමසිංහට සහය පලකරන්නේද යන්න තිරණය කෙරෙනු ඇති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *