ජනාධිපති මාධ්‍ය අංශය ඉවෙන්ට් මැනේජ්මන්ට් සමාගමක් වෙලාලු !

ජනාධිපතිවරයාගේ ප්‍රතිරූපය ඉහල නැංවීමේ අරමුණෙන් ජනාධිපති මාධ්‍ය ඒකකයට විශාල සේවක පිරිසක් බඳවා ගෙන,මහජන මුදල් වැය කරමින්පඩි නඩි සහ  පහසුකම් ලබා දෙමින් තිබෙන නමුත් , එම ඒකකය මේ වන විට ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සම්බන්ද පෞද්ගලික ප්‍රචාරක ආයතනයකට සේවා සපයන අංශයක් බවට පත්ව ඇති බව එහි මැදහත් සේවකයෝ පවසති.ඒ අනුව ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ධනුෂ්ක රාමානයක මහජන මුදලින් වැටුප් ලබන මාධ්‍ය ඒකකයේ සේවකයන් සහ එහි සම්පත් භාවිතා කරමින් අමතර ආදායම් ඉපයීම ජයටම කරමින් සිටින බව වාර්තා වේ.

ජනාධිපති මාධ්‍ය ඒකකයේ සේවකයන් කියන ආකාරයට ධනුෂ්ක රාමනායක මෙම ජාවාරම කරගෙන යන්නේ මෙසේය.

රජයේ හෝ පෞද්ගලික ආයතනයක් තමන්ගේ කුමන ආකාරයක හෝ ප්‍රධාන උත්සවයක ප්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපතිවරයාට ආරාධනා කළ පසු අදාළ ආයතනයට කතා කරන ධනුෂ්ක රාමනායක අදාළ උත්සවයේ සංවිධාන සහ ප්‍රචාරක කටයුතු තමන් නම් කරන සමාගමට භාර දෙන ලෙස ඉල්ලා සිටී.එම කොන්තරාත්තුව තමන්ට ලබා දුනහොත් ඒ සඳහා උපරිම ප්‍රචාරයක් ලබා දෙන බවට ඔහු එකී ආයතනයට සහතික වේ.

තම ආයතනයේ උත්සවයක් සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපතිවරයා සහාභාගී කරවා ගැනීමට අපේක්ෂා කරණ ආයතනයන්ට ධනුෂ්ක කතා කරන්නේ අනිවාර්යයෙන්ම උත්සවයට ජනාධිපතිවරයා සහභාගී කරවීමේ පොරොන්දුවක් ද සමගය.

උත්සවයේ සංවිධාන සහ ප්‍රචාරණ කොන්තරාතුව ලැබුණු පසු ඒ සඳහා මුළුමනින්ම යෙදවෙන්නේ ජනාධිපති මාධ්‍ය අංශයේ සේවකයන් සහ සම්පත්ය.වියදමකින් තොරව ලැබෙන සම්පූර්ණ මුදලම ධනුෂ්කගේ සාක්කුවටය.ජනාධිපතිවරයා සහභාගී වූ උත්සවයක් නිසා ඒ පිලිබඳ මාධ්‍ය ප්‍රචාරයක් ලබා ගැනීමට අමුතුවෙන් මහන්සියක් හෝ වියදමක් දැරීමට සිදු වන්නේ ද නැත.මේ පිළබඳ වැඩි විස්තර අවශ්‍ය අයෙකුට මෑතක දී යාලේ සංචාරක හෝටලයක් විවුර්ත කළ ප්‍රකට හෝටල් සමාගමෙන් ලබා ගත හැකිය.

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ මෙම ජාවාරම ගැන අදහස් පල කළ එම මාධ්‍ය අංශයේ සේවකයෙකු පැවසුවේ ධනුෂ්ක රාමනායකට මාධ්‍ය ප්‍රචාරණය හෝ කළමනාකරණය ගැන අත්දැකීමක් හෝ පළපුරුද්දක් නැතත් උත්සව සංවිධානය සහ වෙළෙඳ ප්‍රචාරණය පිලිබඳ පළපුරුද්දක් තිබෙන බව ඉතා හොඳින් පැහැදිලි වන  බවය.ප්‍රවුර්ත්ති වාර්තාකරුවෙකු ලෙස හෝ මාධ්‍ය පළපුරුද්දක් නැති ධනුෂ්ක රාමනායක කලක් නෙත් FM නාලිකාවේ සේවය කොට තිබේ.එහෙත් ඒ ප්‍රවර්ධන අංශයේ සේවකයෙකු ලෙසය.ඊට පෙර ඔහු සෝයා නිෂ්පාදන ප්‍රමුඛව ආහාර නිෂ්පාදන සමාගමක අලෙවි ප්‍රවර්ධන සේවකයෙකු ලෙස කටයුතු කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *