ආසියානු යොවුන් හොකී කුසලාන තරගාවලිය සඳහා කාන්තා සංචිතය තෝරා ගැනීමේ දෙවන අදියර 15 දා කොළඹ දී

ආසියා යොවුන් හොකී කුසලානය සඳහා වන වයස අවුරුදු 21 පහල කාන්තා සංචිතය  තෝරාගැනීමේ දෙවන අදියර ලබන 15 දා කොළඹ කෘතීම හොකී පිටියේදී පැවැත්වෙන බව ශ්‍රී ලංකා හොකී සම්මේලනය පවසයි.

පළමු තේරීම් තරග වටයෙන් තෝරා ගැනුණු යොවුන් ක්‍රීඩිකාවන් 54 දෙනෙකු මේ සඳහා සහභාගී වීමට නියමිතය.අවුරුදු 21 පහල පිරිමි යොවුන් සංචිතයේ දෙවන තෝරාගැනීමේ තරග ලබන 20 සහ 21 යන දිනවල දී පැවැත්වෙනු ඇත.ඒ සඳහා මූලික තෝරා ගැනීමේ තරඟවලට සහභාගී වූ ක්‍රීඩකයන් 74 දෙනෙකු සුදුසුකම් ලබා සිටී.දෙවන වටයේ තේරීම් තරගයන්ගෙන් කාන්තා සහ පිරිමි සංචිත සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 32 බැගින් තෝරා ගැනීමට නියමිතය.තෝරා ගැනෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 64 දෙනා සඳහා පුහුණු සැසි පැවැත්වීමෙන් අනතුරුව ඔවුන්ගේ දක්ෂතා මත මෙවර ආසියානු යොවුන් හොකී කුසලානය සඳහා වන ශ්‍රී ලංකා කාන්තා පිරිමි කණ්ඩායම් තෝරා ගැනීමට අදහස් කර තිබෙන බව ශ්‍රී ලංකා හොකී සම්මේලනය සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *