ටයිම් අවුට් ෂකීබ් පාර්ලිමේන්තු යයි

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් “ටයිම් අවුට්” තීරණයෙන් පිටියෙන් ඉවත් කිරීම නිසා ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන්ගේ මෙන්ම විචාරකයන්ගේ ද විවේචනයට ලක්වූ බංග්ලාදේශ හිටපු ක්‍රිකට් නායක ෂකීබ් අල් හසන් එරට මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කර පාර්ලිමේන්තුවට තේරී පත්වෙයි. ඔහු මැතිවරණයට ඉදිරිපත් වූයේ සිව්වැනි වරටත් මහා මැතිවරණය ජයගත් අගමැතිනි ෂීක් හසීනාගේ අවාමි ලීගය නියෝජනය කරමිනි.
ෂකීබ් අල් හසන් එහිදී ඡන්ද 185,388 ලබා තිබෙන අතර එරට මාධ්‍ය වාර්තාවන්ට අනුව ඔහුගේ වැඩි ඡන්ද ප්‍රමාණය 150,000කට අධිකය.

හිටපු බංග්ලාදේශ ක්‍රිකට් නායකයා පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට වරම් ලද තෙවැනි ක්‍රිකට් ක්‍රීඩකයායි.
මීට පෙර බංග්ලාදේශ පාර්ලිමේන්තුව නියෝජනය කළ හිටපු හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් වන මෂ්රාෆේ මොර්ටාසා සහ ටමීම් ඉක්බාල්ද පාර්ලිමේන්තුවට තේරී පත් වූයේ අගමැතිනි ෂීක් හසීනාගේ අවාමි ලීගය නියෝජනය කරමිනි.

අද (08) දහවල් වන විට අගමැති ශීක් හසීනා ගේ අවාමි ලීගය සහ ඊට හිතවත් පක්ෂ පාර්ලිමේන්තුවේ ආසන 300 න් 223 ක බල තහවුරු කරගෙන සිටියහ. මේ අනුව 2009 වසරේ සිට බලයේ සිටින 76 හැවිරිදි සීක් හසීනා තවත් වසර පහකට බංග්ලාදේශ බලය හිමි කරගෙන ඇත.

බංග්ලාදේශයේ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන බංග්ලාදේශ ජාතික පක්ෂය ප්‍රමුඛ පක්ෂ සන්ධානය , සීක් හසීනාගේ ආණ්ඩුවක් යටතේ සාධාරණ මැතිවරණයක් අපේක්ෂා කළ නොහැකි බව පවසමින් මෙවර මැතිවරණය වර්ජනය කර තිබුණි.ඒ අනුව ප්‍රතිපල නිකුත් වීමට නියමිත ආසනවල බලයද පහසුවෙන්ම අවාමි ලීගය විසින් දිනා ගනු ඇති බටහිර මාධ්‍ය අනාවැකි පල කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *