දේශබන්දුගේ හා නෙවිල්ගේ පොලිස් ආලය

කුණුවැඩට අති දක්ෂයෝ

එක අත්තේ වහන්නේ එකවගේ කුරුල්ලන් බව නොරහසකි.අද වන විට මෙරට පාලනය කරනු ලබන්නේ හොද ඉතිහාසයක් ඇති නායකයින්ය.රට කරවන තැන සිට නිතීය රකින තැන දක්වා එවන් ඉතිහාසයක් පවතින නමක් රැන්දවුවන් අතේ රටේ බලය පවතියි.එවන් සුවිශේෂි ආයතනයක් ලෙස ශ්‍රිලංකා පොලිසිය හැදින්විය හැකිය.

අද ලංකාවෙි පොලිසිය තරම් ප්‍රවෘත්ති මවන තවත් ආයතනයක් නැතිතරම්ය.මිට පෙර ප්‍රවෘත්ති මැවු කාලයක් වුයේ පොලිස්පති පුටුවේ පුජිත් ජයසුන්දර සිටිකාලයේ වන අතර ඊට වඩා වැඩි වේගයෙන් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකොන්ගේ මාස තුනක වැඩබලන කාලයේදී පොලිස් ඉතිහාසය අලුත් කරනු නොවනු මානය.

ඊට හේතුව ඔහු සිය සහයට තෝරාගෙන ඇත්තේ තමන් මෙන් සිරිකෝතේ වැඩකරන කාලයේ ක්‍රියා කළ ආකාරයේ පුද්ගලයින්ය.

පසුගිය වර්ෂය ගෙවුණු 31 වෙන් දින රාත්‍රියේ නව වසර සදහා ශ්‍රි ලංකා පොලිසිය වැඩ අල්ලුවේ සිය ස්වාමියාවු ටිරාන් අලස්ගේ කොන්ත්‍රාත්තුවක් ඉටු කිරිමට ගොස් අහංසක නිළධාරියෙකුගේ ජිවිතයක් බිලිගෙනය.ඒ සදහා දේශබන්දු තොරා ගත්තේ එදා සිට ඔහුගේ සියලු පහත් තත්වයේ කොන්ත්‍රාත් ඉටු කරනු ලබන දැනට කොළඹ අපරාධ කොඨඨාශය හෙවත් සීසීඩී එහි අධ්‍යක්ෂ ලෙස කටයුතු කරනු ලබන නෙවිල් සිල්වාය.

ආධුනික සහකාර පොලිස් අධිකාරිවරයෙකු ලෙස 1998 ජනවාරි 28 දින  පොලසියට එක් වන දේශබන්ධු තෙන්නකොන්ගේ පළමු පත්විම ගාල්ල පොලිස් කොඨඨාශයේ ආධුනික සහකාර පොලිස් නිළධාරි තනතුරයි.එකළ පොලිස්පති වරයා ලෙස කටයුතු කළේ ආනන්ද රාජාය.දකුණු පළාතභාර නියෝජ්‍යා පොලිස්පති  ලෙස කටයුතු කලේ ප්‍රතාපසිංහ මහතාය.පොලිස්පතිවරයා  කතරගම ගොස් පැමිණෙනවිටදී රාත්‍රි ආහාරයට පැමිණෙන බව ප්‍රතාපසිංහට  කළින් දන්වා තිබෙි.ඒ අනුව පොලිස්පතිවරයාට රාත්‍රි ආහාරය සුදනම් කිරිම පැවරුනේ එවකට ආධුනික පොලිස් අධිකාරිවරයෙකු ලෙස  කටයුතු කල වත්මන් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකොන්ටය.අද මෙන් එදාද ඒ සදහා අවශ්‍ය බර පැන සොයා ගනු ලැබුවේ සිය කොඨඨාශය වු ගාල්ල ප්‍රදේශයේ නිතිවිරෝධි මත්පැන් ජාවරම්කරුවන්ගෙන්ය.

පසුව පොලිස්පතිවරයාගේ රාත්‍රි ආහාරය ලබා දිමට ගාල්ල ලයිට් හවුස් හෝටලය තොරා ගත් අතර ඒවන විට නිතිවිරෝධි මත්පැන් ජාවරම්කරුවන්ගෙන් රුපියල් ලක්ෂ පහකට අධික මුදලක් එකතුවී තිබිණි.

කෙසේ වෙතත් කැම ඇනවුම කාහටද යන්න දැනගත් ලයිට් හවුස් හෝටලයේ කළමණාකාරිත්වය එය නොමිලයේ පිරිනැමිමට තිරණය කරනු ලැබුවේ පොලිස්පතිවරයෙකුට ආහාර වෙිලක් ලබා දිම අබිමානයක් බව පවසමිණි.

අවසානයේ එකතුවු මුදල වැටුනේ මුදල එකතු කළ අයගේ සාක්කුවටය.ටික දිනකින් නිතිවිරෝධි මත්පැන් ජාවරම්කරුවන්ට දැන ගැනිමට ලැබි ඇත්තේ ලයිට් හවුස් හෝටලයෙන් පොලිස්පතිවරයාගේ ආහාරවෙිල නොමිලයේ පිරිනමා ඇති බවයි.ඉන් කිපුණු ඔවුන් පොලිස්පතිවරයාට මේ සම්බන්ධයෙන් ලිඛිතව පැමිණිළි කළේය.එය විමර්ශනයට යොමු කෙරුණේ පොලිස් විශේෂ විමර්ශණයටය.අද මෙන් එදත් ලොන්කන් ගොඩ දමන එස් අයි යු එකකය මගින් ලබා දුන් වාර්ථාව මගින් ආධුනික සහකාර පොලිස් අධිකාරි දේශබන්දු තෙන්නකොන් ත්‍රිකුණාමලයට මාරුකර යැවිණි.

අපගේ කථා නායකයා වන නෙවිල් සිල්වා  2002-2004 රාජකාරි කලේ මුල්ලේරියාවෙි පොලිස් ස්ථානයේය.ඔහු එම ප්‍රදේශයේ කාන්තාවක් සමග අනියම් පෙමක් පවත්වාගෙන ගිය අතර එය අතට හසුවු එම කාන්තාවගේ ස්වාමියා අවසානයේ එම කාන්තාව රැගෙන ගොස් මුල්ලේරියාව පොලිස් ස්ථානාධිපති නෙවිල් සිල්වාට භාරදිමට කටයුතු කළේය.මෙම සිද්දියෙන් පසුව ඔහුගේ පවුල් ජිවිතය අවුල් වුවා පමණක් නොව ඔහුටද ස්ථානමාරුවක් ලැබි ත්‍රිකුණාමලයටට ස්ථාන මාරුවිමක් ලැබිණි.ඒ කාලයේම  ත්‍රිකුණාමලයේ සිටි ආධුනික සහකාර පොලිස් අධිකාරි දේශබන්දු තෙන්නකොන්ට නෙවිල් සිල්වා හමුවිය. එම හමුවිම ජාඩියට මුඩිය  සැසදින ආකාරයටය.

මේ වන විට දේශබන්දුගේ සහකාර පොලිස් අධිකාරිධුරය ස්ථිරවී තිබු අතර ගම්පහ වැලිවෙිරිය සහකාර පොලිස් අධිකාරි ලෙස පත්ව පැමිණියේය.ඒ කාලයේ මාතලේ ලක්ෂ්මන් වසන්ත පෙරෙරාගේ අරක්කු නිෂ්පාදනාගාරය දොම්පේ ප්‍රදේශයේ ආරම්භ කර තිබු අතර එයට කසිප්පු නිෂ්පාදනය කර ලබා දෙන ස්ථාන හතරට ආරක්ෂාව ලබා දිමට දේශබන්දු කටයුතු කලේය.ඉන් බසු දේශබන්දු ස්ථාන මාරුවිමක් ලබා නුවරඑළියට යන්නේය.එයට සහගාමිව  ත්‍රිරිකණාමලයේදී  කාන්තාවන් සමග අනියම් සමබන්ධකම් පැවැත්විමේ චෝදනාව නිසා දඩුවම් මාරුවන් ලෙස නුවරඑළියට මාරු කෙරෙිණි.එහිදී යළිත් දේශබන්දු හමුවිය.2006 අගභාගයේ පොලිස් අධිකාරි තනතුර ලැබිණ.එම නිළය ස්ථිරවිමටත ප්‍රථම  ලක්ෂ්මන් වසන්ත  පෙරේරාගේ මැදිහත්විමෙන්  දේශබන්දුව පොලිස් අධිකාරිධුරයට පත්විමත් සමග ජේෂ්ඨ පොලිස් අධිකාරි වරයෙකු සිටිය යුතු නුගේගොඩ පොලිස් කොඨඨාශයට දේශපාලන බලයෙන් රැගෙන  ඒමට කටයුතු කලේ කෘතගුණ සැලකිමටය.

මේ අතර රාජපක්ෂලාගෙන්  විරසකවී වෙන්වී සිටි ශ්‍රිපති සුරිය ආරචිචිට එරෙහිව බකමුණ ප්‍රදේශයේ මිනිමැරුමි චෝදනාවක් ගොනු කිරිම සදහා භාර කෙරුණේ පොලිස් අධිකාරි දේශබන්දු තෙන්නකොන්ට වන අතර ඒසදහා නුවරඑළියේ සිටි පොලිස් පරික්ෂක නෙවිල් සිල්වා නුගේගොඩට කැදවා ඔහු ලවා පරික්ෂණ කටයුතු කළේය.එහිදී අනුරාධපුර බන්ධනාගාර සේවයේ සිටි නිළධාරින් නුගේගොඉ පොලිස් අධිකාරි කාර්යාලයට කැදවා ඔවුන්ට තර්ජනය කර ශ්‍රිපති සුරිය ආරචිච් කොටු කර ගැනිමට අවශ්‍ය ප්‍රකාශ ලබා ගත්තේ නෙවිල් සිල්වාය.එයට කෘතගුන සැලකිමක් ලෙස වැලිකඩ පොලිස් සථානාධිපති ලෙස පත්කළේය.එවැනි මිනිමැරුමක් සිදුවුයේ නම් එහි විමර්ශනය කළයුතුව තිබුනේ බකමුණ පොලිසියෙන් හෝ සීඅයිඩියෙණි.මෙම පත්විමට එවක කොට්ටේ ආසන සංවිධායක සිටි අරුජුන රණතුංගද විරෝධය මතුකලේය.

 වැලිකඩ ස්ථානාධිපති ලෙස කටයුතු කරන විට 2010 මාර්තු 9 දින ඔහුගේ වැඩතහනම් විය. ඊට හේතුවුයේ වත්මන් නීතීය හා සාමය අමාත්‍යවරයාගේ නිවසට එල්ල කල බෝම්බ ප්‍රහාරය විමර්ශනය කිරිමේදීය.එම  බෝම්බ ප්‍රහාරය එල්ල කළේ නාමල් රාජපක්ෂගේ නිල්බලකායෙන් බවට අලස් කල ප්‍රකාශයට නෙවිල් සිල්වා බි වාර්ථාවට එම ප්‍රකාශය ඇතුළත් කර ඉදිරිපත් කලේය. මේ සම්බන්දයෙන් මහින්ද රාජක්ෂ ජනාධිපතිවරයා ටිරාන්ගෙන් විමසු විට තමන් එසේ ප්‍රකාශ නොකළ බවත් පැමිණි පොතේ එවැනි සටහනක් නොමැති බව පැවසිය. පැමිණිලි සටහන් පොත පරික්ෂා කරන විට එවැනි සදහනක් නොමැති විම නිසා නෙවිල් සිල්වාගේ වැඩ තහනම් කලේය.  මෙය 2010 ජනාධිපතිවරණය පැවති සමය වන අතර නෙවිල් සිල්වා මහින්ද රාජපක්ෂ වෙනුවෙනු වැඩ කළේය.අරලියගහ මන්දිරයේ සිට ජවිපේ ට එරෙහිව මඩ පෝස්ටර්  තොගයක් රැගෙන පැමිණි ලොරියක් ඇතුල් කෝට්ටේ හංදියේදි කාර්රථයක ගැටි පෙරළීණි.ආදාළ ලොරිය විවෘත කිරිමකින් තොරව දොබකරයක් ආධාරයෙන් කෙලින් කර ගැටුණු කාර් රථයට රුපියල් ලක්ෂ  දෙකක් ලබා දී ඒ සමිබන්ධයෙන් තොරතුරු පොත්වල කිසිවක් සටහන් නොකර ලොරි රථය පිටත් කිරිමට නෙවිල් සිල්වා කටයුතු කළේය.

අවසානයේ යළි ඔහුගේ  සේවය 2011 මාර්තු 26 නැවත සේවයේ පිහිටවා   අනුයුක්ත කෙරුණේ කොළඹ අපරාධ කොඨඨාශයටය.ඉන් පසු දේශබන්දු ගේ මැදිහත්විම මත ඔහුට ඉදිරිපත් කර තිබු චෝදනා පත්‍රය ඉවත් කර සහකාර ලපාලිස් අධිකාරි තනතුරට පත් කළේය්.ඒ ගෝඨටාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වු පසුවය .එතැන් සිට කොළඹ අපරාධ කොඨඨාශයට අධ්‍යක්ෂක වරයෙකු ලෙස කිසිදු ජේෂඨඨ පොලිස් අධිකාරිවරයෙකු පත් නොකොට එහි වැඩබලන අධ්‍යක්ධවරයා ලෙස පත් කරන ලදි.

එදා ටිරාන් නිසා රැකියාවත් අහිමි වු නෙවිල්ට අද ඔහුගේ සියලු අනිතික වැඩ දේශබන්දු නිසා කිරිමට සිදුවිම දෛවෝප ගත සිද්ධියකි.නෙවිල් සිල්වා විසින්  ටිරාන් අලස් වෙනුවෙන් පොලිස් සැරයන්වරයෙකුගේ ජිවිතය බිලිදී කරන ලද පුජාවට සැලකිල්ලක් ලෙස  අවනිතිකව ඔහුව පොලිස් අධිකාරි ධුරයට උසස් කිරිමට සැලසුම් කර ඇත.ඕනෑම සහකාර පොලිස් අධිකාරි

තනතුරට පත්විමට  පෙර  ප්‍රායෝගික පොලිස් රාජකාරිය,නිතිය (දණ්ඩ නිතී සංග්‍රහය,සාක්ෂි ආඥ පනත,අපරාධ නඩුවිධාන සංග්‍රහය,මානවහිමිකම් ප්‍රඥප්තිය)ගණකාධිකරණය,දෙමළ භාෂාව, ඇතුලු විෂයන් විභාග දෙපාර්තමේන්තුවෙන් පවත්වන විභාගයට පෙනි සිට සමත් විය යුතු වුවත් නෙවිල් සිල්වා  එම විභාගය සමත්වී නොමැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *