කොලොන්නාව සභාවේ සේවකයින් අතිකාල පිට එල්ලේ ක්‍රිඩාපුහුණුවිමිවල

ලේකම්වරියගේ අත්තනොමතික වැඩ නිසා ජනතාවට පිඩා

කොලොන්නාව නගර සභාවේ  වර්තමාන  ලේකම්වරියගේ   පරිපාලන ක්‍රියාවලිය ඉතාම සෝචනීය  බව එම නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රීවරුන්  කියා සිටීයි. නගර සභාවේ රාජකාරිය කිරීමට සිටින සාමාන්‍ය ලිපිකරුවන් අනෙකුත් සෙසු නිලතලවල සිටින සේවිකාවන්  යොදවාගෙන   පස්වරු දෙකේ සිට නගර සභාවට අයත් කොලොන්නාව මහජන ක්‍රීඩාංගනයේ එල්ලේ ක්‍රීඩාවේ යෙදිම නිසා දෛනික රාජකාරි සදහා පැමිණෙන මහජනතාව දැඩි අපහසුතාවයට පත්ව ඇත.

   ඉකුත් සති දෙකක පමණ කාලයක සිට  මෙම රාජකාරි වේලාව තුළ ක්‍රීඩාවේ යෙදීම සභාවේ සේවාවන් සඳහා පැමිණෙන බදු ගෙවන්නන්ට ගැටලු රාශියකට මුහුණ පෑමට සිදුවී තිබෙි.

  මෙම ක්‍රීඩාවට යොදාගන්නා සේවක සේවිකාවන් සඳහා දිනපතා අතිකාල දිමනාවක්ද  ඇය විසින් අනුමත කර ඇති බව වාර්තාවෙි.  නගර සභාවේ රාජකාරී කටයුතු සඳහා භාවිතා කරන නිල වාහන කීපයක්ම දිනපතා පස්වරු දෙකේ සිට   සවස 5.30 දක්වා මෙම ක්‍රීඩා කටයුතුවල නියැලෙන  සේවක සේවිකාවන් එහා මෙහා ගෙන යාමට යොදවා ඇති බවද පවසයි.  කැලණිය ආසනයේ පාෂාණ ආශ්‍රිත නිෂ්පාදන  සම්බන්ධ අමාත්‍ය ධුරයක කටයුතු කරන  මෙම නිලධාරිනියගේ  ආසන්නම සමීපතමයාගේ බලපෑම මත  මෙම නිලධාරණීය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා වෙත  යොමු කරන සියලු ලේඛන එම දේශපාලන හස්තය විසින් පාලනය කරමින්  මෙම දූෂිත නිලධාරණයට එරෙහිව  බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාට  විනයානුකූලව පියවර ගැනීමට නොහැකිවී ඇත.

ඊට අමතරව වැල්ලම්පිටිය පොදු වෙළඳපලෙහි එක් අන්තයක් ඉදිකිරීම් සඳහා වන කොන්ත්‍රාත්තුව පළමු ටෙන්ඩර්කරු වෙනුවට වැඩි ගැනුම්කරුවෙකුට ලබාදීමට මෙම ලේකම්වරිය අත්තනෝමතිකව කටයුතු කර ඇත..එම කොන්ත්‍රාත් සමාගම් විසින් ඒ සඳහා විශාල අනුග්‍රහයක් ලබා දී ඇති බවත් වාර්තාවේ.

 දැනට කොලොන්නාව පුරාණ රජමහා විහාරය ඉදිරිපස එක් අන්තයක  ස්ථාපනය කර ඇති ආහාර මිලදී ගැනීම සඳහා කුටි සකස් කරමින් පෞද්ගලික ඉඩමක පවත්වාගෙන යන ව්‍යාපාරයක් හේතුවෙන් මාර්ගයේ ගමන් ගන්නා රථවාහන ,අවට නිවාසවල ජීවත්වන ජනතාව ,මාර්ගයේ ගමන්  ගන්න ජනතාවට  මේ සඳහා නගර සභාව විසින් ලබා දී ඇති අනුමැතිය හේතුවෙන්  විශාල මහජන පීඩාවක් ඇතිවී ඇත..එසේම එම පීඩාවට පත්වන ජනතාව කෙරෙහි අවධානය යොමු කර වැල්ලම්පිටිය පොලිසිය මෙම ව්‍යාපාර එය හිමි ව්‍යාපාරිකයාට හෝ මහජන පීඩාව යටතේ නඩු පවරා නීතිය ක්‍රියාත්මක කිරීමට නොහැකි තත්ත්වයක්  උදාවි ඇත්තේ  මෙම නිලධාරිනිය නිසාවෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *