මුතුරාවෙල තෙල් ගබඩාවේ 5 දෙනෙකු මාසයට පැය 250ක අතිකාල සේවයේ

පර්යන්තයේ  කළමනාකරුගේ හිතවතුන්ට පමණක් වැඩ

ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සේවකයින් පස් දෙනෙක් 2023 නොවැම්බර් මාසයේ සඳහා අතිකාල පැය නවසියකට ආදාළ දිමනාව ලබා ගෙන ඇත.

 ඛනිජ තෙල් තොගබඩා පර්යන්ත සමාගමේ   මුතුරාජ⁣⁣වෙල පර්යන්තයේ  කළමනාකරු විසින්  ඔහුට හිතෛෂී සේවකයන් කිහිප දෙනෙකුට එසේ අතිකාල පැය නම සීයකට ආසන්න ප්‍රමාණයක් ලබා දී ඇති බවත් ඒ සඳහා රුපියල් අට ලක්ෂ දසදහසක මුදලක් සංස්ථාව වැය කර ඇති බව පර්යන්තයේ  සේවකයෝ පිරිසක් මැසිවිලි නගති.

ඔවුන් පවසා සිටියේ  වර්තමාන කළමනාකරුට හිතෛෂී මෙම පිරිස  දැනට මාස කීපයක සිට මෙලෙස විශාල අතිකාල පැය ගණනක් මාසිකව ම් ලබාගෙන ඇති බවයි.

ඉකුත් නොවැම්බර් මස කළමනාකාර අධ්‍යක්ෂ විසින් සේවකයන් අතිකාල සේවයේ යොදවා ගැනීමට වදාළව පරිපාලන චක්‍රලේඛනයක් නිකුත් කළ අතර මාසයකට පැය 75 තිබියදීමට නිර්දේශ කර තිබියදී  මෙම කළමනාකාරවරයා  අත්තනෝමතික අයුරින්  හිතෛෂීන්ට පැය 250 බැගින්  තෝරා ගත් සේවකයින් කීප දෙනෙකුට අතිකාල ලබාදීම කාලයක සිට සිදුකරන බව සදහන්වේ. ගැටලුව වන්නේ මෙම මුතුරාජවෙල පර්යන්තයේ අතිකාල වැඩවල නිරතවන සේවකයින් එසේ එම සේවයේ යෙදෙනනෙද යන්නයි. ඒ සම්බන්දයෙන්  ආයතනයේ අභ්‍යන්තර විගණන අංශය මගින් විමර්ශණයක් සිදුකර මෙම දූෂිත අතිකාල සේවය නිරත වන සේවකයන්ට හෝ කළමනාකරුවරයාට නීත්‍යානුකූලව කටයුතු කිරීමට කටයුතු කරන ලෙස එහි සේවකයින් සංස්ථා පරිපාලනයෙන් ඉල්ලා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *