කෝපා එකෙන් බේරෙන්න බෙදුම්කරුවන්ගෙන් අල්ලස් නොගන්නා බවට ලිපියක් ලබා ගන්නා ලෙස ප්‍රාදේශිය කළමණා කරුවන්ට කියයි

ලංකා ඛණිජ තෙල් නීතීගත සංස්ථාවෙි ප්‍රදේශිය කළමණාකරුවන් ඉන්දන බෙදුම් පොළවල්වලින් සංතෝෂමි ලබා ගන්නා බව පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාවෙි දී  පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර ප්‍රියදර්ශණ යාපා තෙල් සංස්ථා නිළධාරින් කමිටුව හමුවට කැදවු අවස්ථාවෙි කළ ප්‍රශ්න කිරිමෙන් පසුව එහ් අලෙවි කළමනාකාරවරයා හොරාගේ අම්මගෙන් පේන අහන වැඩක් කරමින් ප්‍රදේශිය කළමනාකරුවන්ට ලිපියක් යොමු කරමින් දන්වා  ඇත්තේ එවැනි දෙයක් සිදු නොවන බවට බෙදුම්කරුවන්ගේන්  ලිඛිතව ලබා ගන්නා ලෙසටය.

එය හොරාගේ අම්මාගෙන් පේන අසන ක්‍රමවෙිදයට යමින් බහුතර නිළධාරින් එසේ බෙදුම්කරුවන්ගේන් සංතෝෂම් ලබා ගන්නාබව සංස්ථාවෙි අලෙවි කළමණාකාරවරයා නොදැන සිටියට එය ප්‍රසිද්ධ රහසකි.සංස්ථාවෙි පැවැත්වෙන සාද සදහා ද බෙදුම් කරුවන්ගේන් ප්‍රාදේශිය කළමනාකරුවන් මුදල් එකතුකර  අලෙවි කළමනාකරුට එවන බව නොදැන සිටිම ද පුදුම සහගය.

 සමහර ප්‍රාදේශීය පරිපාලකවරුන් තෙල් සංස්ථාව සතු ඉන්ධනහල් බදු පදනමින් ලබාගෙන වෙනත් නම් වලට එම ව්‍යාපාර පවත්වාගෙන යන බවද මෙම අලෙවි කළමනාකාරවරයා  නොදෙන සිටිම පුදුම සහගතය .

ඊට අමතරව සිනොපැක් ඉන්ධන හල් බෙදුම්කරුවන් ප්‍රවර්ධනයට එක් ප්‍රාදේශීය පරිපාලකවරයෙක්  ප්‍රවර්ධන කටයුතු සඳහා යොදා ගත්තේ  කාගේ වුවමනාවටද යන්න දන්නේ අලෙවි කළමණාකර වරයා පමණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *