හරින් මනුෂ යළීත් සජිත් සරණකට සැරසෙයි-ලක්ෂ්මන් හරහට

ජාතික සමගි ජනබල වෙිගයේ සිට රනිල් වික්‍රමසිංහගේ දැති ශක්තිමත් කිරිමට එක්ව අමාත්‍යධුර ලබා ගෙන සිටින මනුෂ නානයක්කාර හා හරින් ප්‍රනාන්දු සජබයට එක්කර ගැනිමට එම පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු සාකච්ජා  ආරම්භ කර  ඇතැත්  සජිත් ප්‍රේමදාසගේ  නිල නොළත් ලේකම් ලෙස කටයුතු කරන ලක්ෂ්මන් ෆොන්සේකා හෙවත් ලකී ඊට විරෝධය එල්ල කර ඇති බව වාර්ථාවෙි.

එක්සත් ජාතික පක්ෂයේ බලය සාගල රත්නායකවටා ගොනුවී ඇති නිසා එහි ඉදිරි සංවර්ධනය සම්බන්ධයෙන් ගැටලු පැන නැගිමත් අනෙකුත් පක්ෂවල මන්ත්‍රිවරුන් සජබය සමග සංධානයකට පැමිණිම නිසා හරින් මනුෂ  සමග සජිත් කොන්දෙසි සහිතව  කටයුතු කිරිමට අකැමැත්තක් දක්වන බව සදහන්වේ.

ඒ අනුව සජිත්ගේ ආණ්ඩුවක් යටතේ ඇමතිධුර ලබා දෙන්නේ නම් යළි සිය පක්ෂයට එකතු විය හැකි බවට සාකච්ජාව පැවත්වු කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රිවරයාට ඔවුන් පවසා ඇත.

එහෙත් එම කොන්දෙසි යටතේ යළි පක්ෂයට සමිබන්ධ කර ගැනිමට සජිත් පෙත්මදාස මහතා විරෝධය පළ කර ඇත්තේ ලක්ෂ්මන්  ෆොන්සේකාගේ විරා්ධය හේතුවෙනි.

කෙසේ වෙතත් හරින් යළි පක්ෂයට සම්බන්ධ කර ගැනිමට විරේධය මතුව ඇත්තේ ජලනි ප්‍රේමදාස ලක්ෂ්මන් ෆොන්සේකා හා හරින් ප්‍රනාන්දු  අතර පවතින පුද්ගලික ගැටුමක් බව වාර්තාවෙි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *