වැලිගම සිද්ධිය යටපත් කරන්න OIC  ට කෝටි දෙකක් හා  ASP තනතුර

වැලිගම  නව ගාලු මාර්ගයේ පෑලෑන වටරවුම අසල පිහිටි ඌව ආණ්ඩුකාර ඒ ජේ මුසාමිල්ගේ පුත්‍රයාට අයත් හෝටලයට කොලඹ අපරාධ කොඨිඨාශයේ නිළධාරින් වෙඩිතැබිමේ සිද්දියට ආදාළ තොරතුරු සටහන් කර ඇති වැලිගම පොලිසියේ  සටහන් පොත් වෙනස් කිරිම සදහා එහි වැඩබලන  ප්‍රධාන පොලිස් පරික්ෂකවරයාට නිතීය හා සාමය අමාත්‍ය ටිරාන් අලස්ගේ නියෝගයකට අනුව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේන් යෝජනාවක් ඉදිරිපත් වී ඇති බව වාර්ථාවෙි.

 විදේශ ගත පුද්ගලයෙකුට අයත් කොළඹ ප්‍රදේශයේ පිහිටි ඉඩමක් සමිබන්ධයෙන් ඇමති ටිරාන් අලස් හා ආණ්ඩුකාර ඒ ජේ මුසාමිල් අතර පවතින ගැටුමක ප්‍රතිඵලයක් ලෙස පසුගිය 31 දින රාත්‍රියේ මෙම වෙඩි තැබිම සිදුකර තිබෙි.

 වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ අයුක්තිය පොලිස් මෙහෙයුමේ යෙදි සිටි වැලිගම පොලිසිය නිළධාරින් වහාම පළාගිය වැන් රථය අත්ඩංගුවට ගැනිමට හදිසි මාර්ග බාධකයක් දමා ඇති අතර වැන් රථය නතර කරන ලෙසට අනකර ඇතත් එය  නොනවත්වා ධාවනය විම නිසා මාර්ග බාධකයේ සිටි පොලිස් නිළධාරින් හා ඔවුන්ගේ සහයට සිටි යුධ හමුදා නිළධාරින් දෙදෙනා ද කැටුව වැන්රථය පසුපස හබා ගොස් ඊට වෙඩි තබා තිබෙි

වෙඩි කා පලා ගිය වෑන් රථය පිලිබද තොරතුරු අනෙකුත්  පොලිස් ස්ථානවලට දැනුවත් කර ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස අධිවෙිගි මාර්ගයට පිවිසෙන ඉමදුව පිවිසුමෙිදී සැකකටයුතු වැන් රථය පරික්ෂා කර ඇති අතර එහි සිටි අය තමන් කොළඹ අපරාධ කොඨඨාශයේ නිළධාරින් බව හදුන්වාදී ඇතත් ඒවන විටත් එහි තුවාල ලබා  අධික ලෙස  ලේ වහනයවෙමින් සිටි නිළධාරින් දෙදෙනෙකු සිටි අතර ඔවුන් වහාම නිදහස්  කරන ලෙසට කොළඹ අපරාධ කොඨඨාශයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි නෙවිල් සිල්වා ඉමදුව පිවිසුමේ සිටි පොලිස් නිළධාරින්ට නියෝග කර තිබෙි.

කෙසේ වෙතත් සිද්ධියෙන් ගලේවෙල ප්‍රදේශයේ පදිංචි උපුල් චමින්ද කුමාර නැමැති (46)  කොළඹ අපරාධ කොඨඨාශයේ සේවය කළ සාජන්වරයෙකු මියගියේය.

මේ වනවිට එම නිළධාරියා උප පොලිස් පරික්ෂක තනතුරට උසස් කර ඇතත් එය නිතිවිරෝධි කටයුත්තකට ගොස්  මියගිය පසු තනතුර උසස් කිරිම ද නිතී විරොධිය.

මේ  අතර සිද්ධිය පාතාල මර්ධනය සදහා ගොස් සිටියදී ඇතිවු වෙඩි හුවමාරුවකදි මියගිය බවට කරුණු වසන්කර ව්‍යජ සිද්ධියක් ගොඩනැගිමට කටයුතු කළ හොත් වැලිගම වැඩබලන ස්ථානාධිපතිවරයාට රුපියල් කෝටි දෙකක් හා ඊළග සහකාර පොලිස් අධිකාරි සම්මුඛ පරික්ෂණයෙන් ඔහුට උසස්විමක් ලබා දෙන බවට යොජනා වී ඇතත් මේ වන විට සත්‍ය සිදුවිමට ආදාළ සටහන් සියලුම නිළධාරින් අසී බී පොත්වල හා නිළධාරින්ගේ සාක්කු සටහන් පොත්වලට තොරතුරු සටහන් දමා ඇති බව ද වාර්ථාවෙි.

මිට අමතරව මියගිය සාජන්වරයාගේ පවුලේ උදවියට ද යෝජනා කර ඇත්තේ රජයෙන් ලබා දෙන වන්දියට අමතරව තවත් රුපියල් දක්ෂ දහයක මුදලක් ලබා  දිමට කටයුතු කරන අතර ලබා දෙන උපදෙස් අනුව උසාවියේදී කටයුතු කරන ලෙසටය.

කෙසේ වෙතත් නිතීය හා සාමය අමාත්‍ය ටිරාන් අලස්ගේ නියෝගයකට අනුව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ  උපදේශයට කටයුතු කළ කොළඔ අපරාධ කොඨඨාශයේ ප්‍රධානි සහකාර පොල්ස් අධිකාර් නෙවිල් සිල්වා හා ප්‍රධාන පොලිස් පිරික්ෂක ඇස්ලම්ද සිල්වා ඇතුල් ඊට සමිබන්ධවු නිළධාරින්ට එරෙහිව මිනිමැරිමය ක්‍රමන්ත්‍රණය කිරිම , මිනිමැරිමට තැත්කිරිම යන චෝදනා ගොනු කළ යුතුය.

……………….

ෆාස්ටර් ජෙරම්ගේ නඩුවට නිතිපති වෙනුවෙන් අනුගාමිකයෙක් ඉදිරිපත්වෙයි – ෆාස්ටර්ට සල්ලිත් දිලා

ෆෙඩ්රික් ක්‍රිස්ටෝපර් ජෙරොම් ප්‍රනාන්දු නොහොත් ෆාස්ටර් ජෙරොම්ට එරෙයිව නිතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනි සිටින නීතී නිළධාරියා ෆාස්ටර් ජෙරොම්ගේ අනුගාමිකයෙකු බව වාර්ථා වෙි.

ඔහුද ජෙරොම්ගේ ආගමික දේශනවලට සහභාගි වී ඇති අතර 2018දී එම දේශන පවත්වන සම්මන්ත්‍රණශාලාව ඉදිකිරිම සදහා රුපියල් තිස්දහසක මුදලක් ලබාදී ඇති බව හෙළි කර ගෙන ඇත.

ඊට ආදාළ ලේඛණය හා ලදුපත්ද විමර්ශන නිළධාරින් සොයාගෙන තිබෙි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *