අයුක්තියේ මෙහෙයුමට යුක්තිය ටිරාන් දේශබන්දු මුසාමිල්ට රිද්දන්න ගොස් ඇනගනී

වැලිගම  නව ගාලු මාර්ගයේ පෑලෑන වටරවුම අසල පිහිටි ඌව ආණ්ඩුකාර ඒ ජේ මුසාමිල්ගේ පුත්‍රයාට අයත් හෝටලයට කොලඹ අපරාධ කොඨිඨාශයේ නිළධාරින් වෙඩිතබා ඇත්තේ නිතීය හා සාමය අමාත්‍ය ටිරාන් අලස්ගේ නියෝගයකට අනුව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ උපදේශයට අනුව බවට තොරතුරු වාර්ථාවේ.

විදේශ ගත පුද්ගලයෙකුට අයත් කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි ඉඩමක් සමිබවන්ධයෙන් ඇමති ටිරාන් අලස් හා ආණ්ඩුකාර ඒ ජේ මුසාමිල් අතර පවතින ගැටුමක ප්‍රතිඵලයක් ලෙස මෙම වෙඩි තැබිම සිදුකර තිබෙි.

වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ සුචකීකරු ගෝලයා ලෙස හදුන්වන සහකාර පොලිස් අධිකාරි නෙවිල් සිල්වාට තෙන්නකොන් දන්වා ඇත්තේ මෙම හෝටලයේ ජාතික සමගි ජනබලවේගයේ දකුණේ රහසිගත  සාකචිජා සිදුවන ස්ථානයක් නිසා පාතාලය එල්ල කරන ආකාරයේ ප්‍රහාරයක් එල්ල කර බිය ගන්වන ලෙසටය.

ඒ අනුව ඩබිලිවි. පී .පී. කේ .7225 දරණ කේ ඩි එච් වැන් රථයෙන් කොළඹ අපරාධ කොඨඨාශයේ ප්‍රධාන පොලිස් පරික්ෂක ඇන්ස්ලම් සිල්වා ඇතුලු නිළධාරින් එහි ගොස් හෝටලයට වෙඩි තබා ඇත.ඒ සමගම ක්‍රියාත්මකවු හෝටලයේ සේවකයින් ඒ බව වැලිගම පොලිස්ය දැනුවත් නර ඇත්තේ සිය හෝටලයට කිසියම් පිරිසක් වැන්රථයකින් පැමිණ වෙඩි තැබු බවයි.

  වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ අයුක්තිය පොලිස් මෙහෙයුමේ යෙදි සිටි වැලිගම පොලිසිය නිළධාරින් වහාම පළාගිය වැන් රථය අත්ඩංගුවට ගැනිමට හදිසි මාර්ග බාධකයක් දමා ඇත.

මාර්ග බාධකය  පසුකර යෑමට පෑමිණි වැන් රථය නතර කරන ලෙසට අනකර ඇතත් එය  නොනවත්වා ධාවනය විම නිසා

මාර්ග බාධකයේ සිටි පොලිස් නිළධාරින් හා ඔවුන්ගේ සහයට සිටි යුධ හමුදා නිළධාරින් දෙදෙනා ද කැටුව වැන්රථය පසුපස හබා ගොස් ඊට වෙඩි තබා තිබෙි.

වෙඩි කා පලා ගිය වෑන් රථය පිලිබද තොරතුරු අනෙකුත්  පොලිස් ස්ථානවලට දැනුවත් කර ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස අධිවෙිගි මාර්ගයට පිවිසෙන ඉමදුව පිවිසුමෙිදී සැකකටයුතු වැන් රථය පරික්ෂා කර ඇත.

එහිදී එහි සිටි අය තමන් කොළඹ අපරාධ කොඨඨාශයේ නිළධාරින් බව හදුන්වාදී ඇතත් ඒවන විටත් එහි තුවාල ලබා  අධික ලෙස  ලේ වහනයවෙමින් සිටි නිළධාරින් දෙදෙනෙකු සිටි අතර ඔවුන් වහාම නිදහස්  කරන ලෙසට කොළඹ අපරාධ කොඨඨාශයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි නෙවිල් සිල්වා ඉමදුව පිවිසුමේ සිටි පොලිස් නිළධාරින්ට නියෝග කර තිබෙි.

කෙසේ වෙතත් ඉමසුව අධිවේගි පිවිසුමේ ඇති සීසීටීවී කැමරාවල සටහන් වී ඇති දර්ශන මකාදමන ලෙසට ඉහළ පොලිස් නිළධාරින්ලෙන් එහි නිළධාරින්ට බලපෑම් එල්ල වන බවට තොරතුරු වාර්තාවේ.

 (කොළඹ අපරාධ කොඨඨාශයේ අධ්‍යක්ෂ තනතුරේ ජේෂ්ඨ්ඨ පොලිස් අධිකාරිවරයෙකු සිටිය යුතු වුවත් දේශබන්දුගේ කීකරු ගෝලයාවු නෙවිල් සිල්වා එහි යොදවා ඇත්තේ මෙවැනි අවිනීතීක කටයුතු කිරිමට වන අතර ඔහු සමිබන්ධයෙන් සම්පුර්ණ විස්තරයක් ගගගගග වෙතින්  ඉදිරියෙිදි  ගෙන එමට  කටයුතු කරන්නෙමු)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *