මැතිවරණයක් ඉල්ලා පොහොට්ටුවෙන් පාර්ලිමේන්තුවට යෝජනාවක්

ලබන අප්‍රේල් සිංහල දෙමළ අලුත් අවුරුද්දට කළින් මහමැතිවරණයක් හෝ  පළාත්පාළන මැතිනරණයක් පවත්වන ලෙස ඉල්ලම්න් ජනවාරි මාසයේදී පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙන ඒමට ශ්‍රිලංකා පොදුජන පෙරමුණ සැලසුම් කර  ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග මැතිවරණයක් අවශ්‍ය බවට  සාකචිජා කර එයට යහපත් ප්‍රතිචාරයක් නොලැබුණ හොත් මේම යෝජනාව ඉදිරිපත් කිරිමට නියමිතය.

දැනට මහජනතාව  තුළ ඇති මතය උරගා බැලිම සදහා මෙම මැතිවරණය පැවැත්විය යුතු බව පොදුජන පෙරමුණේ ප්‍රබලයින්ගේ මතය වී ඇත.

එයින් ලැබෙන ප්‍රථිපලය මත ඉසිරි ජනාධිපතිවරණය සදහා තනිව තරග කරන්නේද පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන්නේද එසේ  නොමැති නම් රනිල් වික්‍රමසිංහට සහය පලකරන්නේද යන්න තිරණය කෙරෙනු ඇති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *