රට බිත්තර කූල් කිරිමෙන් නලින්ගේ මස්සිනාගේ හොද්ද බොරවේ

ඉන්දියාවෙන් ආනයනය කරනු ලබන බිත්තර කල් තබා ගැනිම සදහා ශිතගබඩාවල තැන්පත් කිරීමේ කොන්ත්‍රාත්තුව වෙලද ඇමති නලීන් ප්‍රනාන්දුගේ මස්සිනාට ලබා දි ඇති බව වාර්ථාවෙි.

ඔහුද බිත්තර  ව්‍යාපාරිකයෙකි.  මේ දිනවල ඔහු බිත්තර අලෙවිය නවතා සිය ශිතගබඩා ඉන්දියන් බිත්තර ගබඩා සදහා කුළියට ලබා දී ඇත.

මේ දිනවල ඉන්දියාවේ  බිත්තරයක් රුපියල් 17ට අලෙවි වන අතරඑවා රුපියක් 20ක මිලකට ලබා ගෙනමෙරටට ආනයනය කර  රුපියල් 35ක මිලකට අලෙවි කරයි.

ආදාළ බිත්තර ආනයනය කරන රාජ්‍ය වෙළද නීතීගත සංස්ථාව රුපියල් දෙකක මුදලක් සිය වියදම් සදහා තබාගෙන රුපියත් 30ක මුදලට ලංකා සතොසට ලබා දෙන අතර ඔවුන් රුපියල් 5ක ලාභයක් තබා ගෙන රුපියල් 35ට අලෙවි කරයි.

කෙසේ වෙතත් ඉතිරි රුපියල්  අටක මුදල ලබා ගන්නේ කවුරුන්ද යන්න සන්නේ වෙළද ඇමතිවරයා පමණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *