පන්දුවට පහර දෙන්න බැරිවුණ කුසල්ගෙන් අලුත් පහරක්

සිංහල ක්‍රීඩා සමාජය හා බ්ලූම්ෆිල්ඩ් ක්‍රීඩා සමාජය අතර පැවති තරග වාරයක් අතරතුරදී ක්‍රිකට් කණ්ඩායමේ නායක සුපිරි පිතිකරු කුසල් මෙන්ඩිස් විනය විරෝධී හැසිරුණ බවට ක‍්‍රිකට් ආයතන වෙත පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබේ.

එම තරගය අතරතුර දී කුසල් මෙන්ඩිස් ලකුණු නොලබා දැවී ගිය අතර ඉන් කෝපයට පත් ඔහු බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩාගාරයේ දොරකට පහර දී දැඩි හානිකර ඇති බවට එම පැමිණිල්ලේ දන්වා තිබේ.

අදාල සිදුවීම සම්බන්ධයෙන් බ්ලුම්ෆිල්ඩ් ක්‍රීඩා සමාජය විසින් ශ‍්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයට පැමිණිලි කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *