ජනවාරි 1 දා සිට 18 වැඩි හැමට බදු අංකයක්

ලබන වසරේ ජනවාරි මස සිට වයස අවුරුදු දහඅටට වැඩි සියලුමදෙනා දේශීය ආදායම් දෙපාර්තමේන්තු ලියාපදිංචි අංකය (TIN Number) ලබාගත යුතු බව දේශීය ආදායම් කොමසාරිස් ඒ එම්. නෆීර් පවසයි.

බදු ගෙවීම සඳහා ආදායමක් පවතින්නේ නම් පමණක් ඔවුන් ආදායම් බදු ගෙවිය යුතු බවත්, හැමදෙනාටම ජාතික හැඳුනුම්පත් අංකයක් තිබෙන ආකාරයට (TIN Number) අංකයක් ලබාදීම මෙහි අරමුණ බවත්, ඔහු සඳහන් කරයි.

දැනට තිබෙන ජාතික හැඳුනුම්පත් අංකයට අමතරව මෙම අංකය ලබාගැනීම අනිවාර්ය වෙයි.

ලබන වසරේ ජනවාරි පළමු වැනි දා සිට අවස්ථා කිහිපයක දී බදු ගොනුවක් විවෘත කිරීම අනිවාර්ය කිරිමට ගෙන තිබූ තීරණය කල් දැමීමට පියවර ගත්

බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

වාහන ලියාපදිංචි කිරීමේ දී ආදායම් බලපත්‍ර ගැනීමේ දී සහ දේපොළ මිල දී ගැනීමේ දී බදු ගොනුවක් විවෘත කිරීම ජනවාරි පළමු වැනි දා සිට අනිවාර්ය වන බවට මුදල් අමාත්‍යාංශය මීට පෙර දැනුම් දී තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *