සජිත්ගේ උපදේශක තනතුරට නාලක පත්කිරිම නිසා  – හර්ෂ , එරාන් සිත් තැවුලෙන්

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධාන ආර්ථික උපදේශකයෙකු වූ ආචාර්ය නාලන ගොඩ හේවා  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධාන ආර්ථික උපදේශක ලෙස පත් කර තිබේ.

 වියත් මග සංවිධානයේ ප්‍රමුඛයෙකු ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා  බලයට ගෙන ඒමේ සුවිශාල කාර්ය භාර්යයක් ආචාර්ය නාලක ගොඩහේවා ඉටු කළේය.

එකල මහත් ආන්දෝලනයකට ලක් වූ රසායනික පොහොර තහනම් කිරීම සහ කාබනික පොහොරවලට මාරු වීමේ ප්‍රතිපත්තිය හදුන්වා දී ඇත්තේ ද ගොඩහේවා මහතා විසිනි.

මේ වනවිට ඔහු සජිත් ප්‍රේමදාස ජනාධිපති කරවීමේ ක්‍රියාවලියේ මූලිකයෙකු බවටද පත් කරගෙන ඇති බව වාර්තා වේ.

මෙම පත්වීමත් සමග ආචාර්ය හර්ෂ ද සිල්වා මෙන්ම එරාන් වික්‍රමරත්න ඇතුළු පිරිසක් දැඩි කලකිරීමකට ලක්ව සිටින බව ද දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *