ඉහළ ගිය බඩු මිල අඩුකරන්න බැහැ … ආදායම වැඩිකරගත යුතුයි – මහ බැංකු අධිපති කියයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකර ගත් ගිවිසුම අඛන්ඩව ඉදිරියට රැගෙන යාම ජාත්‍යන්තර සහාය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට ඉතා වැදගත් බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවට ණය ලබා දී තිබෙන රටවල් සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතන ණය සහන සහ සහතික ලබාදී ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබා දී තිබෙන වැඩසටහන ඉදිරියට යෑමේ පදනම මත බව ඒ මහතා එහිදී පැවැසුවේය.

ඕනෑම රජයකට ඉදිරි වසර හතරක කාලයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කර කාලයට ඔබින පරිදි ප්‍රතිපත්ති වෙනස් කර ගැනීම හැකියාව තිබෙන බවද ඔහු එම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.

ඉහළ ගිය බඩු මිලට මුහුණ දීමට තිබෙන එකම විකල්පය නම් ඊට සාපේක්ෂව ආදායම වැඩි කර ගැනීම බවත් කවුරුන් හෝ දීර්ඝකාලීනව බඩු මිල අඩු කරන බව පවසනවා නම් එය අසත්‍යයක් බවත් ඔහු පවසයි.

ශ්‍රී ලංකාව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනෙන් ඉවත් වුවහොත් බරපතල ගැටළු රැසකට මුහුණ දීමට සිදුවනු ඇතැයි ද  නන්දලාල් වීරසිංහ මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *