දේශබන්දුට පොලිස්පති තනතුර දෙන්න එපා – කාදිනල්තුමා ඇතුළු පිරිසක් උසාවියට

දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩ බලන පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළක්වන නියෝගයක් සහ ඔහු පොලිස්පති ධුරයට පත් කිරීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා සත්‍ය හා යුක්තිය සඳහා වූ නීතිඥ සංවිධානයේ නීතිඥ අමිල එගොඩමහවත්ත, නීතිඥ මනෝජ් නානායක්කාර ඇතුළු පාර්ශ්ව කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් 4ක් ඊයේ (29දා) පස්වරුවේ ගොනු කර ඇත.

නීතිපතිවරයා, ව්‍යවස්ථාදායක සභාව සහ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙි.

පාස්කු බෝම්බ ප්‍රහාරය එල්ල වූ අවස්ථාවේ බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ දේශබන්දු තෙන්නකොන් මහතා සිය රාජකාරි පැහැර හැර ඇති බව පෙත්සම්කරුවන් සඳහන්කර තිබේ.

එමෙන්ම පසුගිය අරගල සමයේ ගාලුමුවදොර පිටියේ රැඳී සිටි අරගලකරුවන්ට අමානුෂිකව පහරදෙනු ලැබුවේ ද දේශබන්දු තෙන්නකොන් මහතා, ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාව කටයුතු කළ සමයේ බව මෙම පෙත්සම් මඟින් පෙන්වා දී ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *