ගෝඨා පන්නා දැමූ මහ මොළකරු ගැන දිලිත් කථා කරයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  එළවා දැමූයේ බැසිල් රාජපක්ෂ  විසින් බව මවුබිම ජනතා පක්‍ෂයේ නායක දිලිත් ජයවීර  පවසයි.

රට තුළ ආර්ථික අර්බුදයක් නිර්මාණය කරමින් ගෝඨාභය රාජපක්ෂ පන්නා දැමූ බවත් ඊට හේතුව ඔහු රටේ ජනාධිපතිවරයා වීමට අපේක්ෂා කිරීම බවත් හෙතෙම සදහන් කළේය.

එහි ප්‍රතිඵලය ලෙස අවසානයේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවී පොදු ජන පෙරමුණ සහ ජාතිකවාදී කඳවුර විනාශයට පත්වුණු බවත් ඔහු වැඩිදුරටත් සදහන් කළේය.

අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *