මින් පසු විශ්‍රාම වැටුප් නෑ – දුමින්ද නාගමුව

රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීම සඳහා වන යෝජනාවක් රාජ්‍යකරණය පිළිබඳ තේරීම් කාරක සභාවට ඉදිරිපත් කර තිබෙන බව කම්කරු අරගල මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම් දුමින්ද නාගමුව මහතා සදහන් කරයි.

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් මෙම යෝජනා ඉදිරිපත් කර තිබෙන බව ද හෙතෙම වැඩිදුරටත් සදහන් කළේය.

රාජ්‍ය සේවයේ විශ්‍රාම වැටුප අහෝසි කර දායකත්ව විශ්‍රාම වැටුපකට යාම සඳහා ඉන් යෝජනා කර ඇති බවද හෙතෙම පෙන්වා දෙයි.

එමෙන්ම එම දායකත්ව විශ්‍රාම වැටුප දේශීය හා විදේශීයව ආයෝජනය කළ හැකි  ලෙසට සකස් කිරීමට සැලසුම් කර ඇති බවත් එය ඉතාම අවදානම් කාර්යයක් බවත් හෙතෙම තවදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *