විග්නේෂ්වරනුත් ජනපති සටනට ඇදුම් මහයි

දෙමළ දේශපාලන පක්ෂවල එකඟතාවයකින් යුතුව ආරාධනයක් කරන්නේ නම් තමා මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයකු  වශයෙන් ඉදිරිපත් වීමට  සූදානම් බව දෙමළ ජනතා සන්ධානයේ නායක සී.වී  විග්නේෂ්වරන් මහතා පවසයි.

දෙමළ දේශපාලන පක්ෂ තනි තනිව ජනාධිපතිවරණ අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමට වඩා පොදු ද්‍රවිඩ අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම කාලෝචිත බැවින් පොදු ද්‍රවිඩ අපේක්ෂකයකු ඉදිරිපත් කරන්නේ නම් ඒ සඳහා සුදුසුම පුද්ගලයා තමා බව ඔහු  සඳහන් කරයි. මීළඟ ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත් වීමට තමා තුළ මේ දක්වා ලොකු කැමැත්තක් නොතිබූ නමුත් දකුණේ ඡන්ද වලින් සියයට පනහක් ලබා ගැනීමට කවරෙකුටවත් හැකියාව නොලැබෙන හෙයින් අපේක්ෂකයකු වශයෙන් ඉදිරිපත් වීමට අදහසක් ඇතිවූ බවද ඔහු පවසයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *