එන්නත් සිද්ධීයේ මහමොළකරුවන් තිදෙනා ගැන හෙළිදරවිවක්

ආන්දෝලනාත්මක ඉමියුනොග්ලොබියුලින් එන්නත් සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් පිළිබඳව කරුණු විමසීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබේ.

 එන්නත් සිද්ධිය පිටුපස සිටින මහමොළකරුවන් තිදෙනා වන්නේ හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර බව වෛද්‍යවරයා එහිදී ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසයි.

”මට සුවිශේෂී වූ වරප්‍රසාදක් නැහැ,CID එක මගේ ගෙදරට ඇවිත්  ප්‍රකාශ ගන්න. මහමොළකරු මම වගේ. CID එකට සමහර විට පෙන්නේ එහෙම වෙන්නැති. ඒ නිසා මම අවේ CID එකේ කැඳවීමකට. කැඳවීමේ තියෙන්නේ ජනමාධ්‍ය ඔස්සේ කරන ආන්දෝලනාත්මක ප්‍රකාශ සම්බන්ධයෙන් මගෙන් කරුණු විමසන්න. ඉතින් මම අවේ ඒකටයි.

වංචාව, දුෂණය කියන්නේ එකක්. මිනිස් සංහාරය කියන්නේ තව එකක්. මෙතන සිද්ද වුණේ මිනිස් සංහාරයකට පදනමක් වැටිලා. ඒක නිකන් ස්ථිරසාර ක්‍රමවේදයක් බවට පත්වීමට ප්‍රයත්නයක්. මට ඒක බලන් ඉන්න බෑ.

මම ආසයි මගේ මේ කැඳවීමට. මම බලාපොරොත්තු වෙනවා මේක තුළින් යම්කිසි විප්ලවයක් ආරම්භ වෙයි කියලා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *