ඉන්දියාවෙන් ගෙන පොන්නි සම්බාවල බැර ලෝහ

කීරි සම්බා හිගයට ඉන්දියාවෙන් ගෙන්වූ “පොන්නි සම්බා” සහල් මෙට්‍රික් ටොන් 50,000 ක සහල් සාම්පල පරීක්ෂා කිරීමේදී ඉන් පහකම බැර ලෝහ ඇති බවට හෙළි වී ඇත.

රජයේ ආයතනයක් මගින් කැබිනට් මණ්ඩල අනුමැතිය යටතේ මෙම සහල් තොගය ආනයනය කර ඇති අතර එම සහල් සාම්පල පහකින් මෙලෙස බැර ලෝහ අඩංගු බවට හෙළි වී ඇත.

කෙසෙවෙතත් අදාළ පොන්නි සම්බා සාම්පල් පරීක්ෂණවලින් ප්‍රතික්ෂෙප වීමත් සමඟ ආදාළ සහල් තොගය පෞද්ගලික අංශය හරහා ක්‍රියාත්මක කිරීමට වෙළෙඳ ඇමැතිවරයා ප්‍රමුඛ වෙළඳ අමාත්‍යංශය උත්සාහ ගනිමින් සිටීන බව වාර්තාවෙි

එහෙත් පොන්නි සම්බා මෙට්‍රික් ටොන් ලක්ෂ 03 ක් ආනයනය කිරීමට වෙළෙඳ ඇමැතිවරයා කැබිනට් මණ්ඩලයෙන් අවසරය ඉල්ලා සිටියද, ආනයනය කරන සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 50,000 ක් වියයුතු බවට කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා දැඩි මතයක සිටීම නිසා පොන්නි සම්බා මෙට්‍රික් ටොන් 50,000 ක් පමණක් ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලය අවසරය හිමිව ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *