ජී එල් සජිත් පිටෙි නගින්න යයි

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් ජනවාරි මාසයේදී පිහිටවිමට යෝජනෙ වී ඇති නව දේශපාලන සන්ධානයේ අගමැති අපේක්ෂකත්වය ජී.එල්. පිරිස් මහතාට ලබාදීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.

සමගි ජන බලවේගය මලින් කර ඇති එම යෝජනාවකට අනුව ජි.එල්. පීරිස් හා නාලක ගොඩහේවා ඇතුළු පිරිසක් ඊට එකඟත්වය පල කර ඇති බව සහන්වෙි.

එම යෝජනාවට ඩලස් අලහප්පෙරුම මහතා ඇතුළු පිරිසක් විරෝධය දක්වා ඇති අතර එම පිරිස නිදහස ජනතා සභාවෙන් ඉවත් වනු ඇති බවත් වැඩිදුරටත් වාර්තා වේ.

නිදහස ජනතා සභාව පක්ෂයේ අයිතිය ඇති නාලක ගොඩහේවා මහතා නිදහස ජනතා සභාව ඉදිරියේදී විසුරුවා හැරීමට හෝ සමගි ජනබලවේගයේ සන්ධානයට එක්වීමට සැලසුම් කර ඇති බව සහන්වේ.

කෙසෙවෙතත් ඩලස් අලහප්පෙරුම, චරිත හේරත් ඇතුළු පිරිස ඉදිරියේදී වෙනත් දේශපාලන ක‍්‍රියාමාර්ග ගැනීමට නියමිතව ඇති බව ද දේශපාලන ආරංචි මාර්ග සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *