නිතිඥයින්ගේ විරෝධතාවයට එරෙහිවුපොලිසිය හමුදාව උසාවියේදි සොරි කියයි

අරගල සමයේ ගාල්ලේ පැවති ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවති ටෙස්ට් තරඟාවලිය අතරතුර ගාලු කොටුව ප්‍රදේශයට ඇතුළු වී විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ ආණ්ඩුවට එරෙහිව විරෝධතාවක නිරතවීමට සූදානම් වූ නීතිඥවරුන්ට පොලිසිය සහ යුද හමුදාව බාධා සිදුකිරීම සම්බන්ධයෙන් දෙපාර්ශවය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ එම නීතිඥවරුන් වෙත සිය කනගාටුව පළකර තිබෙි.

නීතිඥවරුන් 11දෙනකු විසින් ගොනුකළ පෙත්සම් කැඳවනු ලැබූ අවස්ථාවේදී පොලිසිය සහ යුද හමුදාව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ එසේ කනගාටුව ප්‍රකාශ කර තිබේ.

මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස්, යුද හමුදාපතිවරයා, පොලිස්පතිවරයා, ගාල්ල ප්‍රදේශය බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු පිරිසක් එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබිණි.

මෙම පෙත්සම ප්‍රීති පද්මන් සූරසේන, යසන්ත කෝදාගොඩ සහ අචල වෙංගප්පූලි යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබිණි.

වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කනිෂ්කා ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙත්සම්කරුවන් මුහුණ දුන් සිද්ධිය සම්බන්ධයෙන් වගඋත්තරකරුවන් සිය කනගාටුව පළකරන බව සඳහන් කළේය.

අදාළ පෙත්සම් සමථයට පත්කිරීමට පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් එකඟතාව පළකිරිමත් සමග
පෙත්සම් විභාගය අවසන් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *