ජොනිගේ ප්‍රධාන ගෝලයාට වසර තුනක බරපතල වැඩ සහිත සිර දඩුවම්

කුරුණෑගල මහ නගර සභාවේ හිටපු නගරාධිපති තුෂාර සංජීවට වසර තුනක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කර තිබේ.

මාර්ග සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා කුරුණෑගල / යාපහුව රාජධානි යුගයට අයත්, 13 වැනි සියවසේ IIවන බුවනෙකබාහු රජුගේ රාජ මාළිගය කඩාදැමීම සම්බන්ධයෙන් තුෂාර සංජීවට මෙම දඬුවම් නියම ඇත.
හිටපු නගරාධිපතිවරයා ඇතුළු සිව්දෙනෙකුට කුරුණෑගල මහාධිකරණය එම දඩුවම් නියම කළේය.

හිටපු නගරාධිපතිවරයා විසින් නාගරික සංවර්ධන අධිකාරියේ (UDA) නිලධාරීන් සමඟ එක්ව 2020 ජූලි මාසයේදී මාර්ග සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා එම ගොඩනැගිල්ල කඩාඉවත් කළේය.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් එවකට කුරුණෑගල පොලිසියට පැමිණිල්ලක් ගොනුකර තිබුණේ තුෂාර සංජීව විසින් 13 වැනි සියවසේ තම අධීක්‍ෂණය යටතේ තිබූ රජ මැදුරක් කඩා බිඳදැමූ බව පවසමිනි.
තුෂාර සංජිව කුරුණැගල පොදුජන පෙරමුණේ නායක හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ ප්‍රධානතම ගෝලයායි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *