කටුනායක ගුවන්තොටුපලේ උප ව්‍යපෘතිවල සේවය කරනු ලබන සේවකයින්ගෙන් බලපත්‍ර ලබා දිමට මුදල් ලබා ගනියි

කටුනායක ගුවන් තොටුපලේ සංවර්ධන කටයුතු සදහා යොදවා ඇති කම්කරුවන්ට ඊට ඇතුල්විම සදහා අවශ්‍ය බලපත්‍ර කිසිදු ආරක්ෂක වාර්තාවකින් තොරව රුපියල් දෙදහසක මුදලකට එහි ආරක්ෂක අංශයේ නිළධාරින් පිරිසක් විසින් ලබා දෙන බව වාර්ථාවෙි.

පොලිස් වාර්ථා හෝ නිශ්කාශන වාර්ථා නොමැතිව ගුවන් තොටුපලේ සේවය කිරිම සදහා මාසික බලපත්‍ර ලබා දෙන අතර එම සහතික නොමැතිව සේවයට පැමිණෙන සේවකයින්ගෙන් රුපියල් දෙදහසක මුදලක් ලබා ගෙන අවසර පත්‍ර ලබා දෙයි
ගුවන් තොටුපළ සංවර්ධනය සදහා කටයුතු කරන ප්‍රධාන සමාගමේ සහ එහි උප ව්‍යපෘතිවල සේවය කරනු ලබන සේවකයින්ගෙන් මෙසේ බලපත්‍ර ලබා දිමට මුදල් ලබා ගනියි

එසේ බලපත්‍ර ලබා ගන්නා සේවකයින්ට ගුවන් තොටුපලේ ඉතා සංවේදි කළාප වන ගුවන්පථයට පවා මෙමගින් ඇතුල් විය හැකිබව එහි සේවකයින් පවසයි. එම ආරක්ෂක අංශයේ ප්‍රභලයෙකු මේ සදහා පෙරමුණ ගෙන කටයුතු කරන අතර ඔහුගේ කටුනායක පිහිටි ලංකා බැංකුවේ ගිනුමකට ගිණුම්ගත කළ පසු සෙසු ආරක්ෂක නිළධාරින්ට එම මුදල් බෙදා දෙන බව සදහන් වේ එසේ නිකුත් කරන සහතිකය මාසයක් ඉක්ම ගිය පසු අලුත් කිරිමට නැවතත් රුපියල් දෙදහසක මුදලක් ලබා ගන්නා බව වාර්තාවෙි.

මෙම අවසර පත්‍රය උපයෝගි කර ගෙන ඕනෑම ත්‍රස්තවාදියෙකුට හෝ අපරාධකරුවෙකුට ගුවන් තොටුපළේ සංවේදි කළාපයන්ට ඇතුලුවිය හැකි බව සේවකයෝ පවසති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *